මැනුම් උපකරණයක් නිපදවීමේ දී ඒවායින් ලබා ගන්නා පාඨාංක ඉතා නිවැරදි ව ලබාදීම සඳහා උපකරණය ඇතුළත යම් න්‍යායයන් භාවිත කෙරේ. උපකරණය දිගු කලක් භාවිත කිරීම නිසා එහි වන ගෙවීම් ආදිය හේතුවෙන් ද, උපකරණය බිම වැටීම ආදිය නිසා එහි ඇති වන වෙනස්වීම් තත්ත්වයන් හේතුවෙන් ද ඉහත වෙනස්වීම් සිදු විය හැකි ය. මේ ආදී හේතු නිසා දෝෂ සහිත උපකරණයක් මගින් ලබා දෙන කෝණ නිවරද්‍ය නොවන අවස්ථා හඳුනාගත හැකි ය.