පළමු පිටුව
 

සවස්‌ථි සිද්ධම් - නමෝ බුද්ධාය

සසිරි බර රිවිනුදුල
කුල මුදුන් මෙ අග පත්
සොමි ගුණෙන් තර්දුවන්
මෙ අප මුණිරජ තුමන්

අතට පත් වූ නිවන්
හැර ලොබව සව් සතුන්
මහ සයුර පීනමින්
එතෙර දකිනා ලෙසින්
ගොඩ නැගී සත්තොසින්

මහත් දර්ශණය කොට ද
ඉස්‌ ඇස්‌ ද මස්‌ ලේ ද
ඇස්‌ අස්‌ ද සුතනඹු ද
රට තොට ද මහමණිද
රන් රුවන් මේ හැම ද

වෙසතුරු ද මහරජුන්
ඇලි ඇතු ද දන්දෙමින්

යදී දනා ලොබ හැරා
සියල්ලන් සිත් පුරා
මවුපියන් රට හැරා
වනට ගොස්‌ වසරා
අඳුන් දිවිසම් දරා

ජටා බැදගෙන සොඳා
එපන්සල් උන් සොඳා
එසද ආ බමිණු දා
ඉල්ලී වාලක්‌ සොඳා
දෙදරුවන් ගෙන බැඳා
බුදුබවට ලොබ බැඳා
දෙදරුවන් දී බැඳා
සත් සුරිඳු දෙව්රඳා

ඇවිත් බමුණකු සඳා
බෝසතුන් දැක සොඳා
ආසිරි ද බැඳා
මටත් වාලක්‌ සොඳා
ගන්ට ආ මැයි අඳා
දෙන්ට කිව් බිසව දා

බිසව් දන් ද එවා
මහ පොළොව ගුගුරුවා
මෙරගල් ද වෙව්ළුවා
සදෙව් ලොව පතුරුවා

ගොස්‌ තුසිත පුර ඉපිද
සත් පණස්‌ කෙළගණන්
ලොව බලා පස්‌ බැළුන්
රජු ද සුද්දෝදනන්

බිසව මායාලනා
කුසය පිළිසිඳමි නා
දස එකඩ මසකිනා
වෙසඟ මැදි පොහොදිනා

(c) Shilpa Sayura Foundation 2006-2017