රූපයේ පරිදි දුම්රිය ඉදිරියට ධාවනය වන විට,
1. මගියා දුම්රිය යන අතට විරුද්ධ දිශාවට ගමන් කරන අවස්ථාව
2. මගියා නැවතී සිටින අවස්ථාව
3. මගියා දුම්රිය යන දිශාවට ගමන් කරන අවස්ථාව සලකන්න.
![](/unidata/m82/4/3/7/niranjan_p_4954ic1.jpg)
ඒ එක් එක් අවස්ථාවලදී මගියාට සාපේක්‍ෂව හා ඔබට සාපේක්‍ෂව පෙනෙන චලිතය සලකන්න.
1. දුම්රියට විරුද්ධ දිශාවට යන මගියාට දුම්රිය තමා දෙසට එනු පෙනේ.
2. නැවතී සිටින මගියාට දුම්රිය තමා වෙතින් ඉවත් වනු පෙනේ.
3. ඔබට දුම්රියේ හා මගියාගේ චලිතය පෙනේ.
![](/unidata/m82/4/3/7/niranjan_p_4954ic2.jpg)
මීට ද්‍රශ්‍ය චලිතය කියමු. පැරැන්නෝ සූර්යයා පෘතුවිය වටා යන බව විශ්වාස කළේ ඔවුන් දුටුවේ සූර්යයා යන බවය. පෘතුවිය සූර්යයා වටේ භ්‍රමණය වන බව පෘතුවියේ සිටි ඔවුනට නොපෙනුණි.
![](/unidata/m82/4/3/7/niranjan_p_4954ic3.jpg)
මෙම රූපය දුමිරියේ කවුලුවකින් පෙනෙන දර්ශනයක් යලි සිතන්න. දුම්රියේ සිටින ඔබට ද්‍රශ්‍ය වන්නේ එම දර්ශනය ගමන් කරන බවය. දුම්රියේ ගැස්සීමක් නොමැතිනම් , දුම්රිය වෙනුවට ගස් කොලන් ගමන් කරනු මෙන් ඔබ දැක තිබේද ?
![](/sayura/images/logo2.png)