පරසිඳු පත්තිනි සඳ සැතපෙ න්නේ සැතපුණු නින්දට සීන පෙනෙ න්නේ පා ළග කඩුවක් ගත්තා වැ න්නේ කඩුව නොවෙයි අඹුවයි දැන ගන්නේ සිව්මැලි බසවුන් හට තෙප ලන්නේ යන්නට අවසර දැන් මට දෙන්නේ යන්නට අවසර මම නොකියන්නේ නුඹේ සිතේ පිරියයි පලයන්නේ මෙලොවට වැඩ ඇති ඉරි දෙවියනි!
නිති කිය මගෙ අත කිසි වරදක්‌වත් නැති නපුරට පඬියා ඌ මිස වෙන නැති තොප හිමිහට කිසි වරදක්‌වත් නැති ඇසුවෙන් නිවරද තම හිමිය න්නේ සිටිමින් පත්තිනි බල පාමි න්නේ ඉතිකින් නැත අප වරද බොල න්නේ උමු දැන් පඬිපුරවරයට අපි දෙ න්නේ එමවිට කාලිය අඬගහ ගන්නේ දෝසිද, නවසිද, තැබිලිද ගන්නේ අග්ගලාද, කිරි උණ්‌ඩද ගන්නේ තල කැරලිද, මුං කැරලිද ගන්නේ මල බුලත්, මඩ පුවක්‌ද ගන්නේ සාමිනි!
මේවා මොටද කියන්නේ ගතුවක් දුටුවිට දෙන්ට කියන්නේ මේ කී සියල පෙට්‌ටියටම දමන්නේ පෙට්‌ටිය කාලිගෙ සුරතට දුන්නේ වැලිමන්නා මාවතට බසින්නේ මග තිස් ගවුවක් පසුකර යන්නේ සාමිනි! බැරි දෙපය රිදෙන්නේ සාමිනි! මාගේ හිසතල දන්නේ අවලක්‍ෂණ කාලිය මගෙ ගමන් තියෙන්නේ තී සන්දයි මගෙ ගමන් තියෙන්නේ තිට බැරිනම් පෙට්‌ටිය මට දෙන්නේ මේ මො අනුවණ කම්ද කියන්නේ පෙට්‌ටිය දීලා කොහොමද යන්නේ සාමිනි! මාගේ පණ නොතිබෙන්නේ සෙවනක් දුටු තැන සැතපී ඉන්නේ ගොසින් බැසපු වෙල්ලිය අම්බලම ය ඒ අම්බලමේ වැසෙන යකින්නි ය වෙල පහලින් කට අයා එන්නී ය අද මගෙ ගොදුරෙයි අඳහා ගන්නී ය.