සෙතා සතට දුන් අප මුනිදා පෙර වෙස්‌සන්තර රජවී උන්නේ
ඉතා බොලඳ ජාලිය කුමරා සහ ක්‍රිස්‌ණජිනා යන දරු දෙන්නේ
පතා ම බුදුබව ජූජක බඹුණුට අත්පොඩි බැඳලා දන් දුන්නේ
ඉතා මිහිරි එම කතාව කවුරුත් ඉතා හොදයි ඇසුවෝතිනේවෙස්සන්තර කුමාරෝත්පත්තිය
මෙඅප මහ බෝසත්
වෙසතුරු රජව යාපත්
සමතිස් පෙරුම් වත්
පුරා නිම කළෙ ඒ කෙසේ යත්
පෙර දඹදිව උතුම්
සව්සිරි සපිරිනු හිම්
සිව් රටෙහි මනරම්
වීය නුවරක් ජයතුරා නම්
මුළු දඹදිව් තලේ
සොමිගුණෙනි වන් සසලේ
රිවි සේ තෙද විපුලේ
නිරිඳු සඳ මහ නමින් දුලේ
රුවිනි සී දේවිය
දුටන් මන් පෑ දේවිය
යස පුසති. දේවිය
වීය එරජුට අග්‍ර දේවිය
බුදුකුරු දම් පුරා
කෙළවර කරන අයුරා
බෝසත් වෙසතුරා
ඉපිද එබිසව කුසේ පවරා
වළාගැබ දෙබෙරා
නිකුත් පුන්සඳ අයුරා
දසෙකඩ මස පුරා
සුවසේ බිහිවිය පියුම අයුරා
එවිගස කුමරු සෙට
කතාකර මව් බිසවට
අම්මේ දන්දීමට
මොකුත් තිබෙදැයි ඇසී හෙමිහිට
බිසව් එතෙපු ල්ලා
අසා තුටු සිත දල්ලා
අත් පොඩිය අල්ලා
තැබිය දහසින් බැඳි පියල්ලා
ලඟ සිටිය වටකොට
වැදගත් කිරි මවුන් හට
බුදු බව පතා තුට
එමසු දන්දුනි ඉතුරු නොමකොට
