දිග යනු යම් කිසි වස්තුවක ස්ථාන දෙකක් අතර රේඛීය දුරයි.
1. විවිධ කුරුල්ලන්ගේ පියාපත් විවිධ දිගය.
2. විවිධ වයස් අවස්ථාවල කුරුල්ලන්ගේ පියාපත් විවිධ දිගය.
පැලෑටියක උස මැනීමට පහසුය
ගඟක දිග, කන්දක උස මැනීම තරමක් අමාරුය.
මදුරුවකුගේ දිග ගැන සිතන්න.
දිග මැනීමට භාවිත කරන ඒකකය මීටරයයි.
එය තව දුරටත් සෙන්ටි මීටර, මිලි මීටර ලෙසින් කුඩා කොටස් වලටද කිලෝමීටර වැනි විශාල අගයන්ටද සැකසේ.
පැලෑටියක උස මැනීමට සුදුසු ඒකකය වන්නේ සෙන්ටි මීටර ද?
ගඟක දිග, කන්දක උස මැනීමට කිලෝමීටර භාවිතා කළ හැක.
මදුරුවකුගේ දිග මිලි මීටර වලින් මැනීම සුදුසුද ?