ඔබ අවට පරිසරයේ සිදුවන සිදුවන සිදුවීම් අධ්‍යනය කරන්න.
ඉර පායා ඒම
වැසි වැටීම
සුලං හමායාම
කුරුල්ලන් පියෑඹීම
පාසල පටන් ගැනීම.
එම සිදුවීම වරක් පමණක් හෝ නැවත නැවතත් සිදුවේද ?
ඒවා සිදුවන කාල අතර පරතරය සමානද නැතහොත් අහඹුද ?
ඒවා පුනරාවර්ථන හා පුනරාවර්තී නොවන සංසිද්ධි ලෙස වර්ග කරන්න.
නායයාම එය ඉබේම සිදුවේද නැතහොත් වෙනස් ක්‍රියාවක ප්‍රතිඵලයක්ද ?
වලාකුළු නොමැතිව වැස්ස තිබිය හැකිද.
හිරු එළිය නැතිව ඔබට ජීවත් විය හැකිද?
ඔබ පරිසරයේ සිදුවීම් ඉබේම සිදුවීද නැතහොත් වෙනත් ක්‍රියාවක හෝ සිදුවීමක් නිසා සිදුවේද යන්න පරීක්‍ෂාවට භාජනය කරන්න.
එය ස්වයංසිද්ධ හා ස්වයංසිද්ධ නොවන සංසිද්ධි ලෙස හඳුන්වයි.
ඉර පෑයීම ස්වයංසිද්ධියක් ද?
ජලය ගලා යාම ස්වයංසිද්ධියක් ද?
වාහනයක් පැදවීම ස්වයංසිද්ධියක් ද?