විද්‍යාවේදී නිරීක්‍ෂණය ඉතාමත් වැදගත්ම අංගයකි. විද්‍යාඥයකු වීමට එය ආරම්භක අදියර වේ. පහත දැක්වෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි මහා විද්‍යාඥයින් බිහි කළ විද්‍යාතමක ක්‍රමයයි.
ඔබද එය හුරු කරගන්න.
ප්‍රථමයෙන්ම
ප්‍රශ්නය හඳුනාගැනීම: අපට පෙනෙන එහෙත් තේරුම් ගත නොහැකි යමක් පිළිබඳව ප්‍රශ්න කිරීම.
ඊ ලඟට
තොරතුරු රැස්කිරීම: අන් අය ඒ පිළිබඳව දන්නා තොරතුරු රැස්කිරීම.
පසුව
නිරීක්‍ෂණය කිරීම: සිද්ධිය හෝ වස්තුව වඩාත් සුපරීක්‍ෂාකාරී ලෙස නිරීක්‍ෂණය කර අපට පෙනෙන දේ ලිවීම.
ඉන් පසුව
නිරීක්‍ෂණ විශ්ලේෂණය: ඔබගේ නිරීක්‍ෂණ තොරතුරු අධ්‍යයනය කර පිලිවෙලකට සැකසීම.
අනතුරුව
කල්පිතයක් ගොඩනැගීම: ප්‍රශ්නය විස්තර කරන කල්පිතයක් ගොඩනගා ඉදිරිපත් කිරීම.
එවිට
කල්පිතය පරීක්‍ෂාවට භාජනය: ඔබ විසින් ඉදිරිපත් කළ විසඳුම නිවැරදිදැයි බැලීම.
අවසානයේදී
නිගමන වලට එලඹීම: ඔබ සොයාගත් දේ අනුව තවත් එහි තිබිය හැකි ප්‍රශ්න හඳුනාගන්න.