ගණ දෙවි හෑල්ල 1
 


 

ආයුබෝ වෙනසෙ තා
ඉසුරු වරමින් යු තා
උමාහණ දළ නෙ තා
ඉසුරු එබිසෝ වෙ තා

ගැබ කුමරු අටග තා
දිනෙන් දින මෝර තා
දොළ උපත අටග තා
රසමියුරු ගෙණ දෙ තා

එ‍‍දොළ සන්සිඳුව තා
එසත් මස පිරිග තා
දෙතන පුඩු කළු වෙ තා
කිරිබරින් සිටග තා

නව සදෙව් රුවිනි තා
දස එකඩ මස වෙ තා
විළිරදය පහරි තා
ගුරු දිනේ බිහිවෙ තා

රේවතී මෙනඋක තා
කඳකුමරු නම් ලතා
ඔවුන් පුත් ගණ ප තා
ඔහුට තෙද බල ඇ තා

තෙද නුවණ විකුමැ තා
රකුසන්ට බලව තා
නරයින්ට සිරිදෙ තා
සුරුඳුව්ට අගප තා

එසිව්සැට සිල්පය ට
වැඩිසිල්ප දසතර ට
නිපුන කරවන ලෙස ට
මෙවැනි ගණ දෙවිඳුහ ට

වැඩඉන්ට නිසි ලෙස ට
මාළිඟාවක්‌ සොඳ ට
කරවන්ට නියම කොට
ගණිත ඇඳුරෙකු ලඟ ට

යවා පණිවිඩ එවි ට
ගෙන්නවා එනුවර ට
බිමක්‌ බලවා සොඳ ට
එබිම සමකර සතු ට

ඇඳුරු වරු එතන් සිට
කපාකප් සොඳ රඟ ට
ආවාඩා දෙපස සි ට
මඟුල් කප ගෙන අත ට

(c) Shilpa Sayura Foundation 2006-2017