දේශීය නර්තන සම්ප්‍රදායන් හා බැඳි වාද්‍ය භාණ්‌ඩ
 
උඩරට, පහතරට, සබරගමු හා භරත නාට්‍යම් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ප්‍රධාන නැටුම් සම්ප්‍රදායන් වේ. දේශීය නර්තන සම්ප්‍රදායන් වශයෙන් ගත්කල උතුරු ප්‍රදේශයේ බහුලව පවතින භරත නැටුම් සම්ප්‍රදාය ඊට අයත් නොවේ. මෙයට හේතුව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත උවද, භරත නාට්‍යම් ඉන්දියාවේ ප්‍රභවය ලැබූ ඉන්දියානූ ප්‍රධාන සම්ප්‍රදායක්‌ වන නිසාය.

එම හේතුව නිසා දේශීය සම්ප්‍රදායන් ලෙස නම්කල හැක්‌කේ. උඩරට, පහතරට හා සබරගමු නැටුම් සම්ප්‍රදායන් පමණකි. මේ එකී සම්ප්‍රදායන්ට වාද්‍ය භාණ්‌ඩයන් පිළිබඳ එකිනෙකට අනන්‍ය වූ සංස්‌කෘතික ලක්‍ෂණ වලින් යුක්‌ත වේ.

උඩරට නැටුමේ " ගැට බෙරයත් ", පහතරට නැටුමේ " පහතරට බෙරයත් ", සබරගමු නැටුමේ " දවුල් බෙරයත් " මේ අතරින් ප්‍රධාන තැනක්‌ ගනී.
(c) Shilpa Sayura Foundation 2006-2017