යුරෝපීය පුනරුදයේ නාවික කටයුතු දියුණුව
 


විද්‍යාවේ දියුණුව දේශ ගවේෂණ ගමන් කෙරෙහි දැඩි ලෙස බලපෑ සාධකයක්‌ විය.ලෝකය ගෝලාකාර බව තහවුරු වම නිසා යුරෝපයේ ඕනෑම ස්‌ථානයක සිට බටහිරට යාත්‍රා කිරීමෙන් පෙරදිග රටවලට පැමිණිය හැකි බව තේරුම් ගැනීම සිදුවිය.

 

මාලිමාව සොයා ගැනිම නිසා මුහුදු ගමන් ආරක්ෂාකාරීව හා නිවැරදිව කළ හැකිවීමද වඩා දීර්ඝ ගමන් සඳහා හොඳ තත්වයේ මුහුදු යාත්‍රා නිපදවීමට හැකිවීම ඊට හේතු විය.


15 වන ශත වර්ෂයේදී දේශාටනයේ නායකත්වය ගත්තේ පෘතුගාලයයි. ස්පාඤ්ඤයද එය අනුගමනය කළේය. එම නිසා නාවික කරයුතු හා වෙළඳාම විහිදීමද බලගතු රටවල් වල ආර්ථිකය සවිමත් වීමත් සිදුවිණි. වෙළදුන්ගේ ආදායම් වර්ධනය හා බැංකු නිසා සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන් වැඩිවීමද වෙළඳාම, නාවුක , කළාව හා ආර්ථික වර්ධයනයටද හේතුවිය.

 


 

(c) Shilpa Sayura Foundation 2006-2017