යුරෝපීය බයිසෙන්ටියන් අධිරාජ්‍යයේ වැටීම සමග කතෝලික පල්ලියේ නරක පාලනය හා දූශණය නිසා ක්‍රිස්තියානු ප්‍රොතෙස්තන්ත ආගම ශක්තිමත් වීය. එංගන්තයයේ 2 වන හෙන්රි රජු වතිකානුවේ කතෝලික පල්ලියේ බලපෑමෙන් මිදී එංගන්ත නව ඇන්ගලිකන් නම් කතෝලික පල්ලියක් පිහිටවූයේය.
මේ ආගමික බෙදීම් නිසා රාජ්‍ය අතර යුධ ගණනාවක්ම ඇති විණි. බොහෝ මිනිසුන් ආගමික භක්තිය නිසා මරණයට පත් කළහ. මේ නිසා යුරෝපීය රජ පවුල් ගණනක්ම මධ්‍යගත වී ශක්තිමත් වීය. නැගෙනහිර යුරෝපයේ කතෝලික, ප්‍රොතෙස්තන්ත, යුදෙව්, සත්‍යලබ්ධික(Orthodox) ලෙස කතෝලික ආගම බෙදී ගියේය.
යුරෝපීය ආධිපත්‍ය කෙරහි අදහස් ගොඩ නැගුණු අතර යූරෝපයේ තැපැල් සේවා ඇරඹීමෙන් සන්නිවේදන දියුණුවක්ද ඇති වීය. කෙසේ උවද රෝමානු කතෝලික පල්ලිය වැදගත් විද්‍යාත්මක කටයුතු තහනම් කළ නිසා ප්‍රොතෙස්තන්ත රාජ්‍යවල විද්‍යා දියුණුවකට මුල් වීය. දාර්ශනික හ විද්‍යා පොත පත සමහර ප්‍රදේශ වල තහනම් වීය.
වඩාත් බලගතු රාජ්‍ය ලෙස මතුවූයේ එංගලන්තය, ප්‍රංශය හා ස්පාඤ්ඤය හා පෝලන්තය යි. රාජකීයන් අතර හා ප්‍රදේශීය පාලකයන්, නගර, ගොවියන් අතර සම්බන්ධතාවයන් දියුණු වීම ඊට හේතුවයි.
