උඩරට සමාජ සංවිධානය
 

සමාජය ගොඩනැගී තිබුණේ කුල ක්‍රමය මතය, කුල අනුව නියම වූ රැකියා තිබුණි. ස්‌වයංපෝෂිත ඒකකයක්‌ බිහිවම කුල ක්‍රමයට විවිධ රැකියාවන් බෙදීයාම මත සිදැවිය.

පාරම්පරිකව එකම රැකියාවක්‌ කළ කුලකය "කුලය" විය. ගමට හෝ ප්‍රදේශයට අයත් භාණ්‌ඩ සියල්ල මේ අනුව නිපදවා ගත කිවිය. පිටතින් ගෙන ආවේ ලුණු, ආදී වූ ප්‍රදේශය තුළ නිපදවා ගත නොහැකි භාණ්‌ඩ පමණකි. ප්‍රභූ සමාජයේ භාවිත වූ සුඛෝපභෝගී භාණ්‌ඩ ද පිටතින් ගෙන්වා ගති.

මහනුවර යුගයේ පැවැති කුල කීපයක්‌ හා ඔවුන්ට අයත් වූ කාර්යයන්.

නිළමක්‌කාර (නිළමේවරු) :
ප්‍රභූ පැලැන්තිය මේ කුලයට අයත් විය. පාලන කටයුතුවල
විවිධ නිලතල දැරූ පිරිසයි.
ගොවි : ගොවිතැන් කළ පිරිස
ආචාරි: කම්මල් කරුවන් ආචාරි කුලයට අයත් විය. සමාජයේ සියලු දෙනාට අවශ්‍ය වූ යකඩ වානේ මෙවලම් හා යුද්ධායුධ නිපදවම මොවුන් විසින් කරන ලදි.

පටිටිගම්: ගව පාලනය කළ පිරිස
කුඹුල් : මැටි භාණ්‌ඩ නිෂ්පාදනය මොවුන් අතින් සිදුවීය.
හකුරු: කිතුල් මැඳීම හා හකුරු නිෂ්පාදනය
රජක : කුලීනයන්ගෙන් ඇඳුම් පිරිසිඳු කරදීම
නැකැති:නැකැත් බැලීම, පොරොන්දම් බැලීම, හඳහන් සෑදීම.
බෙරවා : විහාර දේවාලවල තේවාව කළ පිරිස, බෙර වාදනය හා හොරණෑ පිඹීම.

මේ කුලයන් අතර උසස් කුල හා පහත් කුල වශයෙන්ද බෙදීමක්‌ සිදුවිය. නිළමක්‌කාර, ගොවි යනු උසස්ම කුලයන් විය. කුල අතර ආවාහ - විවාහ සිදු නොවීය.


 



 

පන්සල හා භික්ෂුන් වහන්සේ
උඩරට රාජධානියේ සමාජ සංවිධානයේ පන්සලට හා භික්ෂූන් වහන්සේලාට විශේෂ ස්ථානයක් මිහි විය. ගම්වැසියන්ගේ ජීවිතයේ විවිධ අංශ කෙරෙහි විශේෂවූත් විශාලවූත් බලපෑමක් භික්ෂූන් වහන්සේලාගෙන් සිදුවිය. දරු ප‍්‍රසුතියේදී අංගුලිමාල පිරිත කීමේ සිට මරණ පොළෙදී පාංශූ කූලය දීම දක්වා ගැමි ජීවිතයේ විවිධ අවස්ථාවල කුදු මහත් සේවානන් රැසක් ගැමියන් උදෙසා භික්ෂූන් වහන්සේලාගෙන් ඉටුවිය. ගමේ විද්‍යාස්ථානයද වූයේ පන්සලය. වෙද හෙදකම් මෙන්ම සමාජ ශෝධනයද පන්සලෙන් සිදුවූ කාර්යයන් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017