උඩරට රජුගේ සිට ගම්පති දක්‌වා සෑම තරාතිරකම නිලධාරියෙකුටම යම් අධිකරණ බලයක් හිමි විය. රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම අධිකරණ ක්‍රියාවලියේ මූලීක පරමාර්ථය විය.
රාජ දඬුවම්
නීතිය කඩ කළ පුද්ගලයන්ට දඬුවම් ලැබුණි. මේවා රජුගේ නියමය පරිදි දෙන ලද ඒවා නිසා "රාජ දඬුවම්" ලෙස හඳුන්වා ඇත. උඩරට පාලන ක්‍රමය යටතේ පැවැති දඬුවම් ක්‍රම කීයපක් පහත දැක්‌වේ.
දැඩි දඬුවම්
රාජද්‍රෝහී ක්‍රියා වැනි ප්‍රබල වැරදි සඳහා මරණ දඬුවම නියම විය. මරණ දඬුවම නියම කළ හැකි වූයේ රජුට පමණි. මරණ දඬුවම ක්‍රම කීපයකට දී ඇත. හිස ගසා දැමීම, උල හිඳුවීම, දියේ ගිල්වා මැරීම ආදී වශයෙනි.
මධ්‍යම ප්‍රමාණයේ දඬුවම්
රජයට අයවිය යුතු බදැ නොගෙවීම, රාජ්‍ය විරෝධි කැරලි වලට සහභාගී වීම, කුමන්ත්‍රණය කිරීම ආදිය සඳහා නියම කරන ලද්දේ කස පහද දීම,පිටුවහල් කිරීම, දඟගෙයි ලෑම වැනි දඬුවම්ය.
සාමාන්‍ය දඬුවම්
මේවා ප්‍රාදේශීය නිලධාරන් විසින් නියම කරන ලද දඬුවම්ය. ගම් මට්‌ටමේ ආරවුල් සොරකම්, කිරීම, රාජකාරිය පැහැර හැරම, ආදී වැරදි සඳහා අතුල් පහර (කම්මුල් පහර) දීම, ඉපලෙන් තැලීම, දඩ ගැසීම, දඬු කඳේ ලෑම, දිග කොණ්‌ඩය බූගා දැමීම, කුලයෙන් පහත් කිරීම හෙවත් රොඩී රැහැට දැමීම වැනි දඬුවම් නියම විය.


