ප්‍රධාන කාර්යංශ
උඩරට රාජ්‍යයේ පාලන කටයුතු සියල්ල පහත සඳහන් කාර්යාංශ හතර යටතේ සංවිධානය ව තිබුණි.
1. රටවසම :
දිසාවන් 12 හා රටවල් 9 හි පාලන කටයුතු මෙම ආයතනයට භාරවිය. "මහදිසාව" එහි ප්‍රධානියාය. දිසාවේ වරුන් හා රටේ රාල වරුන්ගේ කටයුතු පිළිබඳව සොයා බැලීම ඔහුගේ කාර්යය විය.
2. බද්දේ :
බදු එකතු කිරමේ කාර්යාංශය බද්දේ නම් විය. බද්දේ නිළමේ එහි ප්‍රධානියා විය. ඔහු යටතේ බදු නිලධාරන් කීප දෙනෙකු විය. මහබද්ද, මඩිග බද්ද, ලුණු බද්ද ආදී බදු මෙම නිලධාරන් මඟින් අය කරගනු ලැබිණි.
3.මහවාසල : රාජ මාලිගයේ විවිධ කටයුතු මේ මගින් සංවිධානය කොට ක්‍රියාත්මක කෙරුණි. මේ සඳහා නිළමේවරු කීප දෙනෙක් වූහ. ඔවුන්ට භාරව තිබුණ කටයුතු මෙසේය.
ගජනායක නිළමේ : රජ මාලිගයේ අලි සතුන් පාලනය
ගබඩා නිළමේ : ගබඩාවේ කටයුතු භාරව සිටියේය.
කොඩි තුවක්‌කු නිළමේ : රාජ මාලිගයට අයත් කොඩි සහ තුවක්‌කු භාරව ක්‍රියා කළේය.
සළුවඩන නිළමේ : රජ මාලිගයේ ඇත්තන්ට අවශ්‍ය ඇදැම් පැළඳුම් සැපයීම හා ආරක්‌ෂා කිරීම ආදී කටයුතු
බත්වඩන නිළමේ :රජු ඇතුළු පවුලේ අයට ආහාර පාන සම්පාදනය භාරව කටයුතු කිරීම.
4. විහාර දේපොල පිළිබඳ කාර්යාංශය : විහාර හා දේවාල වලට අයත් දේපොල පිළිබඳ කටයුතු මෙම ආයතනයට භාරවිය.
මෙම කටයුතු කරන ලද්දේ විහාරවල දියවඩන නිළමේවරුන් හා දේවාලවල බස්‌නායක නිළමේවරුන්ගේ මාර්ගයෙනි.
