මහ අධිකාරම්වරුන්ට පැවරෙන කාර්යයන්.
1. පවරා දෙන ලද ප්‍රදේශවල ප්‍රාදේශීය පාලනය අධීක්ෂණය කිරීම.
2. ප්‍රධාන විනිශ්චය කරුවන් අණ දෙන නිලධාරීන් ලෙස කටයුතු කිරීම.
3. රජුගේ නියෝග දෙවැනි නිලධාරීන්ට දැන්වීම.
4. ඇතැම් ගිහි - පැවිදි නිලධාරින් පත් කිරීම.
5. සේවාවන් සඳහා ඉඩම් ප්‍රදානය කිරීම.
6. විශිෂ්ට සේවා සඳහා ගරු නම්බු ප්‍රදානය.
7. රටේ ආරක්‌ෂාව, සාමාන්‍ය පාලනය හා අගනුවර නිසි පරිදි පවත්වාගෙන යාම.
මහඅධිකාරම් යටතේ සිටි සේවකයෝ
කටුපුල්ලේ වරු (ආරක්‌ෂක භටයන්)
පණිවුඩකරුවන් (පයිංඩ කාරයන්)
බන්ධනාගාර ආරක්‌ෂකයන්
ගමන් යාමේදී පෙරටුව ගිය කසකරුවන්
මහාධිකාරම් ධුරයට අමතරව දෙවෙනි අධිකාරම හා තුන්වෙනි අධිකාරම යනුවෙන් තවත් අධිකාරම්වරු එක් අයෙකු හෝ දෙදෙනකු සිටි බවට තොරතුරු ලැබේ.
නිදසුන් :- උඩගම්පහ දෙවැනි අධිකාරම, පල්ලේගම්පහ තුන්වන අධිකාරම. දිසාවේ
උඩරට රාජ්‍යයට අයත් ප්‍රදේශ පාලනයේ පහසුව සලකා කොට්‌ඨාස 21 කට බෙදා තිබුණි. එනම් දිසාවන් 12 ක් හා රටවල් 9ක් යනුවෙනි.
දිසාවන් 12 (අගනුවරට ඈතින් පිහිටි ප්‍රදේශ)
1. සතර කෝරළේ
2. සත් කෝරළේ
3. වලපනේ
4. උඩ පළාත
5. නුවර කලාවිය
6. වෙල්ලස්‌ස
7. බින්තැන්න
8. තමන්කඩුව
9. ඌව
10. මාතලේ
11. සබරගමු
12. තුන් කෝරළේ
දිසාව භාරව කටයුතු කළේ "දිසාවේ"ය. ඔහුගේ සහායට නිලධාරි මණ්‌ඩලයක් විය. මේ රාජකාරියක් සඳහා දිසාවේ ප්‍රදේශයෙන් බැහැරව ගිය විට එම තනතුරේ වැඩ බැලුවේ මොහොට්‌ටාලය. දිසාවේ තනතුර බොහෝ විට පරපුරෙන් පරපුරට උරුම වූ බව පෙනේ.
දිසාවක් අනු ඒකක රාශියකට බෙදී තිබුණි. මේවා කෝරළ හා පත්තු යන නමින් හඳුන්වා ඇත. පත් තුනක් හෝ කෝරළයක් භාරව සිටි නිලධාරියා හැඳින්වීම සඳහා ඒ ඒ පළාත්වල විවිධ නම් භාවිත ව ඇත. උන්නැහේ,බණ්‌ඩියරාල, ලේකම්, කාරිය කරවන විදානේ යන නම් ඒ අතර විය.
රටවල් 9 (මහනුවරට ළංව පිහිටි ප්‍රදේශ)
1. අඩුනුවර 2. යටිනුවර 3. තුම්පනේ
4. දුම්බර 5. හාරිස්‌පත්තුව 6. හේවාහැට
7. කොත්මලේ 8. උඩබුලත්ගම 9. පහත බුලත්ගම
මෙම ප්‍රදේශවල පාලනය භාරව රටේ මහත්මයා (රටේ රාල) කෙනෙක් බැගින් විය. ඔහුගේ කාර්ය භාරය මෙසේය.
විශේෂ ප්‍රදේශ හැර තම කොට්‌ඨාසය තුළ වූ දෙවනු ප්‍රදේශ පාලනය කිරීම.
විශේෂ ප්‍රදේශ වූයේ ගබඩාගම් රාජ්‍ය උසස් නිලධාරන්ට පවරා තිබුණු ගම් බිම්ය.
රජුගේ නියෝග ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීම.
තම පාලන ප්‍රදේශය තුළ සාමය පවත්වා ගැනීම.
රාජ භාණ්‌ඩාගාරයට අයවිය යුතු බදු එකතු කර ගැනීම.
ප්‍රදේශයේ පාලනයට අදාළ සුළු නිලධාරින් පත් කිරීම.
යුද්ධමය අවස්‌ථාවල හමුදා රැස්‌කර සතුරාට විරුද්ධව මෙහෙයවීම.
රටවල් නැවත "පත්තු" හෝ "කෝරළ" නමැති උප ඒකක වලට බෙදැණි. ගම් පාලනය සඳහා "ගම්පති'' වරු වූහ. ගමරාල යනුවෙන් ඇතැම් ප්‍රදේශවල භාවිත විය. ඔහු ගමේ කෘෂිකර්මය හා වාරිමාර්ග භාරව සිටි අතර ඔහුගේ පාලන සහායට "ගම් සභාව" ක් බැගින් විය.
