ක්‍රි. ව. 1741 - 1747 කාලයේ රජකල ශ්‍රී විජය රාජසිංහ රජුගේ නායක්‌කර් වංශික බිසවගේ සහෝදරයෙකි. ඔහු අවු. 3 ක් වැනි කුඩා කලකදීම රජකමට පත්විය. එතුමා බෞද්ධාගමික දියුණුවට බොහෝ කටයුතු සිදු කළේ ය. මෙකල වැලිවිට ශ්‍රී සරණංකර හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශාල බෞද්ධාගමික ප්‍රබෝධයක්‌ද ඇතිවිය.
රජුගේ අනුග්‍රහයද ඒ සඳහා නොඅඩුව ලැබුණි. සියම් රටින් උපසම්පදාව ගෙන්වා මෙරට උපසම්පදාව නැවත පිහිටුවීය. උඩරට හා මුහුදුබඩ ප්‍රදේශවල අභාවයට ගිය වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණය කරවා ඒවාට ගම් බිම්ද පූජා කළේ ය. තොටගමු විහාරය, මුල්කිරිගල, විහාරය, කසාගල විහාරය, කුරුණෑගල ඇත්කඳ විහාරය, දඹුළු විහාරය, අළු විහාරය, මෙතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්‌කරණය විය. මුලඳී දෙවියන් වෙනුවෙන් පැවැත්වූ මහනුවර පෙරහැරට දළදා මාළිගාවේ පෙරහැරද සම්බන්ධ කිරීම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් සිදුවූ වැදගත් ඓතිහාසික කාර්යයකි.
1762 තී ජෝන් පයිබස් නමැති ඉංග්‍රීසි දැතයා රජු සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මහනුවරට පැමිණියේය. එම දූත ගමනින් යහපත් ප්‍රතිඵලයක් ඇතිවූයේ නැත.
රජුගේ අවසාන කාලයේදී එනම් 1766 දී උඩරට රාජ්‍යයට බෙහෙවින් අවාසි සහගත ගිවිසුමකට ලන්දේසින් සමඟ බැදීමට රජුට සිදුවිය. එම ගිවිසුම ප්‍රාකාරව ලංකාව වටාම මුහුදු වෙරළේ සිට ගව්වක් (සැතපුම් 4 ක්) ලන්දේසීන්ට අයිති විය. ඒ මගින් උඩරට රාජ්‍යය ලන්දේසි ප්‍රදේශවලින් මැදිවී කොටු වීය. වෙරළබඩ වරාය හා බලකොටු අයිතියද නැති විණි.
