ක්‍රි. ව. 1707 - 1741 කාලයේ ශ්‍රී විරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා රජ කළේය. ඔහු 2 වන විමලධර්මසූරිය රජුගේ පුත්‍රයාය. මොහු "කුණ්‌ඩසාලේ කුමාරයා" නමින් ප්‍රසිද්ධව සිටියේය. මේ රජතුමා සහ ලන්දේසින් අතර ගැටුම් කීපයක් ඇතිවිය.
සෙල්ලම් නිරිඳු නම්න් ජනයා හැඳින්වූ මෙතුමා සුරාවට හා කම් සැපට ලොල් වී කුණ්ඩසාලේ ගං ඉවුරේ මාලිගාවක් සාදාගෙන විනෝදයෙන් කාලය ගත කළේය.
ඔහුගේ බිසව විවාහ වී සිටියේ ඉන්දියාවේ නායක්‌කර් වංශික එනම් වඩුග රාජ කුමරිකාවක් වූ අතර, රජුට දරුවන්ද නොවීය. උඩරට ප්‍රධානීන් සමග උරණ වී සිටි නරේන්ද්‍රසිංහ රජු තම යුවරජ බවට පත්කලේ තම බිසවගේ සහෝදරයා වූ රාජසිංහ නැමැති නායක්‌කර් වංශිකයෙකි. නරේන්ද්‍රසිංහ රජුගේ ඇවෑමෙන් අවු. 3 ක් වැනි කුඩා කලකදීම රාජසිංහ රජවීමෙන් කන්ද උඩරට රාජ්‍යත්වය නායක්‌කර් වංශිකයිනට හිමි වීය.
