දෙවන රාජසිංහ රජතුමා (ක්‍රි. ව. 1635 - 1687)
ලංකාවෙන් පෘතුගීසින් නෙරපා දැමීම මේ රජුගේ දැඩි අධිෂ්ඨානය විය. තම පියාගේ කාලයේදී පහතරට පෘතුගීසි ප්‍රදේශවලට පහර දී ඒවා උඩරටට අයත් කර ගැනීමට රාජසිංහ කුමරුට හැකිවිය. රන්දෙණිවෙල සටනින් ද ජය ගත්තේය.
1638 දී 2 වන රාජසිංහ රජු හා ලන්දේසින් අතර ඇතිවූ ගිවිසුම අනුව ලන්දේසින්ගේ උපකාරයෙන් රාජසිංහ රජුට උඩරට රාජධානිය ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 3/4 ක් දක්‌වා ව්‍යාප්ත කිරීමට හැකි විය. මේ අනුව මඩකළපුව හා ත්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර සහ බටහිර වෙරළ ප්‍රධාන වරායන් කීපයක්‌ද උඩරට රාජ්‍යයට හිමිවිය. වසර 52ක් පමණ වූ 2 වන රාජසිංහ රජුගේ පාලන කාලය තුළ උඩරට රාජ්‍යය ආර්ථික අතින් ඉහළම දියුණුවකට පත්විය.
හෙතෙම පෘතුගීසින්ගෙන් රට බේරා ගැනීම සඳහා නිර්භිතව සටන් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකි. දෙවැනි රාජසිංහ රජු රාසිං දෙවි ලෙස ඇමතීමට ජනයා පුරුදුව සිටියහ.
මේ කවිය බලන්න :
මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
රළේ රළේ අහසින් දමන දිය රළේ
බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ
ගලේ කොටුව බැන්දා තිරිකුණාමළේ
2 වන රාජසිංහයන්ගේ නිර්භීත බව පිළිබඳ ජනකතා රැසක් උඩරට රාජ්‍යයයට අයත්ව තිබූ ප්‍රදේශවල පැතිර ඇත. රජු කුළුමීමෙකු මෙල්ල කිරීම පිළිබඳ ජනප්‍රවාදය ඔහුගේ දැඩි කාය ශක්‌තිය හා අධිෂ්ඨාන ශක්‌තිය ඉස්‌මතු කරවයි.

2 වන රාජසිංහ රජුගෙන් පසු ඔහුගේ පුතා දෙවන විමලධර්මසූරිය නමින් රජ විය. ඔහු දුර්වල පාලකයෙකු වීය.
