පළමු පිටුව
 


 

සාරාසංක්‍ය කප්ලක්‍ෂය පෙරුම්පුරා
සොලසාසංක්‍ය කප්ලක්‍ෂය පෙරුම්පුරා
සුවිසිසංක්‍ය කප්ලක්‍ෂය පෙරුම්පුරා
මෝරා පුබුදු මල ලෙස බුදුවූ ලොව්තුරා

නිමනැති සංසාර සාගරය පීනලා
නිමනැති වස්‌තු ඉස්‌ මස්‌ ලේ දන් දීලා
නිමනැති වීරියක්‌ කෙරුවාය හිතවෙලා
නිමනැති බුදුබවට ජීවිත දන්දීලා

දීපන්කර බුදුන් ලෝකෙට පහළ වෙනා
සුමේද නම් තපසුව බෝසත් එදිනා
කඳුරැලියේ වැඩ සිට මහතා එදිනා
මේ මහතා මතු බුදුවෙයි වදාරනා

සිරි හස්‌තෙන් මල් පූජා කළ තැනදී
දෙසිතක්‌ නැතුව නියමයි එක සිත් පැහැදී
දෝත පුරා වැඳ පිඳු රඹගං පුරදී
නියත විවරනේ ලැබුනේ එතැන්හිදී

සූවිසි බුදුන්ගෙන් විවරණ ලබාගෙන
ආයුස තිබෙන පමණක්‌ එහි වැඩ සිටින
වෙසතුරු වෙලා තපසේ ගොස්‌ වැඩ සිටින
අහස පොළොව මෙන් අන්තිම දන් දෙමින

සහන්පති වැනි අන්තිම වැඩි ගමන
සම්බඋනේ ලංවී බුදුබව සොදින
සැම දෙවියෝ රැස්‌වී සිට සැල කරන
බඹ ලොව ලක්‍ෂ ගණනක්‌ දිවසිරි විදින

කාලේ බුදුවෙන්ඩ සරිඋනිය මහතුනේ
ආලේ ඉතින් ඇරලා යමු සුවාමිනේ
කාලේ බලා වැඩසිටි බෝසත් එදිනේ
සීලේ ගුණේ බැලුවොත් උපදන්ට අනේ

දීපේ දේස උපදින කුල නොතන බලා
කෝපේ නොවී මව්පිය කවුද විමසාලා
රූපේ කව්ද සරනෙට මට සිතා බලා
දීපේ උතුම් දඹදිව දිවසින් දැකලා

සුඳොවුන් නිසා මහමායා කුස දැකලා
පන්සියයක්‌ රූ ඇති කිරි මව් දැකලා
අග මෙහෙසුන් කැටුවම එන බව දැකලා
ඉතින් දඹදිවට යෙමි මම වඳාරලා

රන් යහනේ සැතපෙන කල බිසවුන්ට
පුන්සඳ මඬල අහසින් ඒ යහන පිට
රන්කඳ ලෙසින් වැඩියා සුඳොවුන් ලඟට
තුන් ජාමෙට පෙනුනා සඳමඬල මට

(c) Shilpa Sayura Foundation 2006-2017