ක්‍රි. ව. 1604 - 1635 කාලයේ උඩරට රජකම් කළ සෙනරත් රජතුමා විමලධර්මසුරිය රජුගේ ඥාති සහෝරදයෙකි. හෙතෙම විමලධර්මසුරිය රජතුමාගේ ඇවෑමෙන් වැන්දඹු දෝන කතිරිනා බිසව විවාහ කර ගැනීමෙන් රජකම සඳහා උරුමය ලබා ගත්තේ ය.
සෙනරත් රජතුමාද සාමකාමී පුද්ගලයෙක් විය. මෙකල පෘතුගීසින් උඩරට දේශ සීමාවේ ගම් නියම්ගම් ගිණිබත් කරමින් මහා විනාශයක් සිදු කළ බව වංශ කතාවේ සඳහන් ව ඇත. කුසුමාසන දේවිය විමලධර්සූරිය රජුට දාව කුමාරසිංහ හා විජේපාල යනුවෙන් පුතුන් දෙදෙනෙකු හා සෙනරත් රජුට දාව මහා අස්‌ථාන හෙවත් දේව රාජසිංහ යනුවෙන් පුතෙක් ද ලැබුවාය.
සෙනරත් රජු මහළු වයසට පත් වු පසු උඩරට රාජ්‍යය සෙංකලඩගල, මාතලේ හා ඌව යනුවෙන් ප්‍රදේශ තුනකට වෙන් කොට පාලනය ඔවුනට භාර දුන්නේය. එසේ කිරිමෙන් උතුරින් හා දකුණින් එල්ලවිය හැකි ආක්‍රමණ හා කැරළි මැඬ පැවත්වීමටද, කන්ද උඩරට ආරක්‍ෂාවටද හේතු විය.
1630 තී කොන්ස්‌තන්තීනු ද සා යටතේ ඌව වෙල්ලස්‌ස හරහා උඩරටට එල්ල වූ පෘතුගීසි ආක්‍රමණයට මුහුණඳීම සඳහා සිංහල හමුදාව මෙහෙයවන ලද්දේ සෙංකඩගල භාරව සිටි මහා අස්‌ථාන කුමරු විසින්ය. වැල්ලවාය රන්දෙණිවෙලදී භට හමුදාව සිංහල හමුදාවට එක්‌වම නිසා පෘතුගීසි යුද්ධ හමුදාව සාමුල ඝාතනය විය.
