1 විමලධර්මසූරිය රජතුමාගෙන් ඉටුවූ සේවාව
 

පළමුවන විමලධර්මසූරිය රජතුමා ක්‍රි. ව. 1592 - 1602 කාලයේදී මහනුවර පාලනය. වීර සුන්දර බණ්‌ඩාර මරා දැමීමෙන් පසු උඩරට ප්‍රදේශයේ පාලන කටයුතු නිකපිටියේ රාජසූරිය බණ්‌ඩාරට පැවරුණි. මේ අවධියේ ගම්පොළ රාජ වංශයට අයත් වූ ක්‍රිස්‌ත්‍රියානි ආගම වැළඳගෙන සිටි දොන් ප්‍රැන්සිස්‌කු මුදලි සීතාවක රජුගේ පාලනයට විරුද්ධව උඩරට ප්‍රදේශවල කැරැල්ලක්‌ ඇති කළේය.

මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ පෘතුගීසිහු යමසිංහ බණ්‌ඩාර (දොන් පිලිප්) සහ කොනප්පු බණ්‌ඩාර (දොන් ජුවන්) ගේ නායකත්වයෙන් යුද්ධ හමුදාවක්‌ උඩරටට යැවූහ. උජරට ප්‍රධානීන් මේ දෙදෙනා හරසරින් පිළිගත්හ.

යමසිංහ බණ්‌ඩාර උඩරට රජු ලෙස නම් කළ පෘතුගීසිහූ ඔහු සිහසුනේ පිහිටුවා ආරක්‌ෂාව සඳහා යුද්ධ සේනාවංක්ද ලබා ආපසු පැමිණියහ.

ඉන් ටික කලකට පසු කොනප්පු බණ්‌ඩාර විසින් යමසිංහ බණ්‌ඩාර මරණයට පත්කොට පෘතුගීසි හමුදාවද එළවා දමා විමලධර්මසූරිය නමින් මහනුවර රජවිය. ඔහු උඩරට රාජ්‍යයේ දෙවන ස්‌වාධීන පාලකයාය. ඉන්පසුව උඩරට රාජධානිය පෘතුගීසින්ගේ ග්‍රහණයෙන් සහ සීතාවක රජුගේ බලපෑම් වලින්ද මිදුණි.

සීතාවක රාජසිංහ රජු හා පෘතුගීසින් මෙම සිද්ධියෙන් බලවත් සේ කැළඹීමට පත්වූ බව පෙනේ. විශේෂයෙන්ම පෘතුගීසින් බලාපොරොත්තු වූයේ කොනප්පු බණ්‌ඩාර මගින් උඩරට පාලන බලය තමාට ලබා ගැනීමටය. මේ වන විට උඩරටට නීත්‍යනුකූලව අයිතිය කිව හැකි දෝන කතිරිනා කුමරිය (කුසුමාසන දේවිය) පෘතුගීසින්ගේ ආරක්‌ෂාව යටතේ සිටීම විමලධර්මසූරිය රජුට මුහුණ ඳීමට සිදැවූ බලවත් අභියෝගයක්‌ විය.

විමලධර්මසූරිය රජ ව නොබෝ කලකින් සීතාවක රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළේය. රණශූරත්වයෙන් හා තරුණ ජවයෙන් ඔද වැඩි තම පියා මරා දැම්මේ පළිය ගැනිමට අවස්‌ථාවෙක්‌ එනතුරු බලා සිටි විමලධර්මසූරිය හා සීතාවක රාජසිංහ අතර බලනේදී ඇතිවූ සටනින් රාජසිංහ රජු අන්ත පරාජයකට පත්ව පසුබැස යන අතරමග පිහිටි පෙතන්ගොඩ උයනේඳී උණ කටුවක්‌ ඇකී එය විෂ වීමෙන් ඔහුගේ මරණයද සිදුවිය.

පෘතුගීසින් තම මුළු ශක්‌තියම යොදවා විමලධර්මසූරිය රජු සිහසුනෙන් නෙරපා හැර දෝන කතිරිනා කුමරිය එහි රජ කරවමට කටයුතු සූදානම් කොට 1594 දී "පේරෝ ලෝපේස්‌ද සුසා" යටතේ විශාල හමුදාවක්‌ උඩරටට යැවූහ.

දන්තුරේ දී දෙපක්‌ය අතර ඇතිවූ ගැටුමින් පෘතුගීසි හමුදාව සුන්කර දැමූ විමලධර්මසූරිය, කුසුමාසන දේවිය මහනුවරට කැඳනාගෙන විත් ඇය විවාහ කර ගැනීමෙන් උඩරට රජකම සඳහා නීත්‍යනුකූල අයිතියද ලබා ගත්තේ ය.

"මන්දාරම් පුර පුවත" නමැති ග්‍රන්ථයට අනුව විමලධර්මසූරිය රජු පෘතුගීසින්ගෙන් එල්ලවිය හැකි ආක්‍රමණයක්‌ සඳහා කල් තියා සූදානමින් සිටි බව පෙනේ. කොත්මලේ, වලපනේ ආඳී ස්‌ථානවල ලෝහ කර්මාන්තය ආරම්භ කොට අවි ආයුධ නිෂ්පාදනය වැඩි කළේය.

ගොවිතැන නඟා සිටුවම සඳහා පුරන් කුඹුරු සියල්ල නැවත අස්‌වද්දා ආහාර නිෂ්පාදනයද වැඩි කළේය. කපු වගාව සඳහා ද අනුග්‍රහය දැක්‌වය. දකුණු ඉන්දියාවේ මදැරා සහ මයිලපූර් වන ප්‍රාදේශීය පාලකයන්ගේ ආධාර ඇතිව වඩිග කුලී හමුදාවක්‌ ලබාගෙන උඩරට රාජ්‍යයේ ආරක්‌ෂාවද තර කළේය.

මේ වන විට සමබරගමුවේ දෙල්ගමු විහාරයේ ආරක්‌ෂිතව තිබූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සෙංකඩගල නුවරට වැඩම කරවා එහි දෙමහල් දළදා මැදැරක්‌ ඉදිකොට එහි තැන්පත් කළේය. ගඩලාදෙණිය, ලංකාතිලකය ආදී විහාරාරාම ප්‍රතිසංස්‌කරණය කරවය. බුරුමයේ රක්‌ඛංග දේශයෙන් උපසපන් භික්‌ෂුන් ගෙන්වා උපසම්පදා නැවත පිහිටුවා සංඝ ශාසනයේ පුනර්ජීවයනයක්‌ද ඇති කළේ ය.

1602 දී දොන් ජෙරනිමෝද අසවේදු නම්වු පෘතුගීසි කපිතාන්වරයා යටතේ විශාල යුද්ධ හමුදාවක්‌ උඩරට ආක්‍රමණය කළේය. බලනේඳී පෘතුගීසිහමුදාව අන්ත පරාජයකට පත්විය. එම වර්ෂයේදීම සී බොල්ඩ් තී වාච් නමැති ලන්දේසි කපිතාන්වරයා සමඟ මිත්‍ර සන්ධානයක්‌ ඇති කරගත් විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින් ලංකාවෙන් එලවා දැමීමට ලන්දේසින්ගේ උපකාර ලබා ගැනීමටද බලාපොරොත්තු විය.

(c) Shilpa Sayura Foundation 2006-2017