මහනුවර රාජ්‍යය ස්‌වාධීන වීම
 

කෝට්‌ටේ 6 වන පරාක්‍රමබාහු රජුගේ කාලයේ මහනුවර ප්‍රාදේශීය රාජ්‍යය කෝට්‌ටේ රාජධානියට යටත්ව තිබුණි. එකල උඩරට ප්‍රදේශ භාරව කටයුතු කළේ "ජෝතිය" නම් සිටුවරයෙකි. ජෝතිය සිටුවරයා කෝට්‌ටේ රජුට විරුද්ධව කැරැල්ලක්‌ ඇති කොට ස්‌වාධීන වීමට උත්සාහ කළ බැවින් යුද්ධ සේනාවක්‌ මහනුවර යවා කැරැල්ල මැඩ පවත්වා ගම්පොළ රජ පරපුරේ කුමාරයෙක්‌ මහනුවර අධිපතියා ලෙස පත් කළේය. කෝට්‌ටේ පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසු වික්‍රමබාහු නම් වු ප්‍රභූවරයෙක්‌ කෝට්‌ටේ රජුගේ ආධිපත්‍යයට විරුද්ධව මාතලේ ප්‍රදේශයේ කැරැල්ලක්‌ ඇති කොට උඩරට පාලනය සියතට ගෙන සේනාසම්මත වික්‍රමබාහු නමින් මහනුවර රජ විය. ඔහු යටතේ මහනුවර ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස ඉස්‌මතු විය.

එකල සෙංකඩගල නුවර හැඳින්වම සඳහා "ශ්‍රී සෙංඛණ්‌ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුර" යන ගම්භීර නාමය ඵෙතිහාසික ලේඛනවල භාවිතා කොට ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ සෙංකඩගල, මහනුවර යන නම් භාවිත විය. මහනුවර රාජධානියට අයත් ප්‍රදේශය හඳුන්වා ඇත්තේ කන්ද උඩරට, කන්ද උඩ පස්‌රට, උඩරට යන නම්වලිනි. "මලය දේශය" යන නමද ඇතැම් පැරණි ලේඛනවල යොදා ඇත. පහතරට සාමාන්‍ය ජනතාව "සිංහලේ" යනුවෙන්ද භාවිත කොට තිබේ.
|


උඩුනුවර, යටිනුවර, දැම්බර, හේවාහැට සහ හාරිස්‌පත්තුව යන ප්‍රදේශ පහ මුල් කාලයේදී උඩරට රාජ්‍යයට අයිති විය. කන්ද උඩ පස්‌රට යන නම ඒ අනුව භාවිතයට පැමිණියේ ය. සේනා සම්මත වික්‍රමබාහු, 1 වන විමලධර්මසූරිය හා සෙනරත් යන රජවරුන් යටතේ මහනුවර රාජ්‍යයේ දේශ සීමාව බෙහෙවින් පුළුල් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017