භූගෝලීය පිහිටීම අනුව මහනුවර නගරය තරම් ස්‌වභාවික ආරක්ෂාව ලැබූ වෙනත් ස්‌ථානයක් ලංකාවේ නොමැත. ගිරිදුර්ග, ජලදුර්ග හා වනදුර්ග වලින් එකල මහනුවර මනා ලෙස ආරක්ෂා විය.
දකුණින් කඩුගන්නාව හා බලනද
බටහිරින් හන්තානද
උතුරින් දුම්බර හුන්නස්‌ගිරිය හා නකල්ස් යන කඳුවැටි වළල්ලෙන්
වටවු මහනුවර ප්‍රදේශයට ඇතුළු විය යුතු වූයේ පිවිසීමට ඉතා දුෂ්කර කපොළු කීපයක් ඔස්‌සේය. බලන, ගලගෙදර, ගිනිගත්හේන, මාතලේ, උඩුදුම්බර, හුන්නස්‌ගිරිය හා වලපනේ යන ස්‌ථානවල මෙම දුර්ග මාර්ග පිහිටා තිබේ.
මහනුවර නගරය ගත් කල්හි තුන් පැත්තකින් මහවැලි ගඟින් වට ව ඇත. අනෙක් පැත්ත හන්තාන කඳු වැටියෙන් ආරක්ෂා වෙයි.


එකල කන්ද උඩරට ප්‍රදේශය ඝන වනාන්තරවලින් වැසී තිබුණි. මෙම වනාන්තරවල කටු පඳුරු සහිත යටි රෝපණය අතරින් වැඩී තිබුණු අඩි පාරවල් වැනි කුඩා මාර්ග ඔස්‌සේ මහනුවරට පැමිණිය යුතු විය.
ක්‍රි.ව. 1815 දක්‌වා මහනුවර රාජ්‍යයේ ස්‌වාධීනත්වය ආරක්ෂා වීමට ඉහත දැක් වු ස්‌වභාවික රැකවරණයද ප්‍රබල සාධකයක් විය.




