ලන්දේසීන්ගේ රෙපරමාදැ ක්‍රිස්‌තියානි ආගම මෙරට ප්‍රචාරය කළේ "කෙර්කෙරාඩ්ස්" නමැති ආගමික මණ්‌ඩල කීපයක් මඟිනි. ඕලන්දයෙන් මෙහි පැමිණි දේව ගැතිවරු ඉහත කී ආගමික මණ්‌ඩලවල අනුග්‍රහය යටතේ ආගම ප්‍රචාරයෙහි නිරත වූහ.
මුද්‍රණාලයක් ආරම්භ කළ ඔව්හූ ආගමික පොත්පත් මුද්‍රණය කොට ඒවා ජනතාව අතර බෙදාහැරීම මඟින් ජනතාව තම ආගම පිළිබඳව දැනුවත් කළහ. රෙපරමාදු ආගම වැළඳ ගන්නා අයට තනතුරු, ප්‍රශංසා හා ත්‍යාග ලබාදීමටද කටයුතු යෙදිණි. මේවාට ගිජු වූ බොහෝ දෙනා පාරම්පරික බුද්ධාගම අතහැර ක්‍රිස්‌තියානිය වැළඳ ගත්හ.
ආගමික පාසල් ආරම්භ කිරීම ආගමික ප්‍රචාරයේ තවත් වැදගත් පියවරකි. ගම් කීපයක් සඳහා එක් පාසලක් බැගින් ලන්දේසීන් විසින් ආරම්භ කළ අතර ප්‍රදේශයේ දරුවන් ඒවාට පැමිණීම අනිවාර්ය විය. මෙම පාසලක ගුරුවරු හතර දෙනෙක් වූහ.
එහි ඉගැන්වීම් කටයුතු මවුබසින් සිදුවිය.
ආගම ප්‍රචාරය කිරීම සඳහා පාසල් කීපයක එක් "කතිසේරුවෙකු" බැගින් විය. මොහු ආගම ප්‍රචාරය කරන පූජකවරයාය. රෙපරමාදු ආගමේ යාඥා වලට විෂය මාලාවේ වැදත් තැනක් හිමිවිය.
එම ආගම හොඳින් ඉගෙන ගත් දරුවෝ පරක්‌ෂණයකින් පසු බෞතීස්‌ම කරනු ලැබූහ. මේ අනුව දේශීය ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් ක්‍රිස්‌තියානි ආගමට හරවා ගැනීමට හැකිවිය. රෙපරමාදු නිකායට අයත් පුද පූජා ක්‍රම ආගමික වතාවත් හා සිරිත් විරිත් ආදිය පහතරට දේශීය ජන සමාජය තුළ තහවුරු විය.
