1747 දී උඩරට රජවු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඉංගී්‍රසීන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන ඇති බව දැනගත් "වෑන් එක්'' නමැති ලන්දේසි ආණ්‌ඩුකාරයා අවස්‌ථා දෙකකදී උඩරට ආක්‍රමණය කළේය. මුල් ආක්‍රමණයට උඩරට හමුදාව සාර්ථක ලෙස මුහුණ දුන් බැවින් ලන්දේසීහු පරාජය වූහ.
දෙවන ආක්‍රමණයේදී රටවැසියා කීර්ති ශ්‍රී රාජසිංහ රජු කෙරෙහි කලකිරි සිටි බැවින් සතුරාට මුහුණ දීමට නොහැකිව රජු හඟුරන්කෙතට පලා ගියේ ය. 1766 විලියම් ෆැල්ක් ආණ්‌ඩුකරු හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතර ගිවිසුමක් ඇතිවිය.
එම ගිවිසුමෙන් ලංකාව වටා මුහුදු වෙරළේ සිට ගව්වක (සැතපුම් හතරක) දුර ප්‍රමාණයක් ලන්දේසීන්ට පවරා දීමට රජුට සිදුවිය. උඩරට රාජ්‍යයට මහත් සේ අවාසිදායක වු මෙම ගිවිසුමෙන් මහනුවර රාජධානිය ලන්දේසින්ගේ සිරකරුවකු බවට පත්විය. ඉන් ප්‍රදේශ කීපයක් ආපසු පවරා දෙන ලෙස රජු විසින් කරන ලද ඉල්ලීමද ලන්දේසීන් විසින් ප්‍රතික්‌ෂේප කරන ලදි.
1796 දී ලන්දේසි පාලනය අවසන් වන තුරුම මේ තත්ත්වය පැවතුණි.
1796 දී ලන්දේසි පාලනය අවසන් වන තුරුම මේ තත්ත්වය පැවතුණි.
