ශ්‍රී විජය රාජසිංහ රජතුමා දකුණු ඉන්දියානු තොටුපළවල් සමඟ වෙළඳාම් කිරීම සඳහා උතුරේ වරායන් කීපයක් විවෘත කර දෙන ලෙස ලන්දේසින්ගෙන් ඉල්ලා සිටියේය. එයට ඔවුන් ඇහුම්කන් නොදැන් නිසා උඩරටට අයත් ප්‍රදේශ හරහා ඇතුන් හා කුරුඳු යාපනයට හා ත්‍රිකුණාමලයට යැවීම රජු විසින් තහනම් කරන ලදි. එපමණක් නොව සියනෑ කෝරළයේ ලන්දේසින්ට අයත් ගම් නවයක්‌ද අල්ලා ගත්තේ ය. මෙම ගැටුම දිගටම සිදුවු නිසා උතුරේ වරායන් විවෘත කර දීමට ලන්දේසීන්ට සිදුවිය.
