ලන්දේසීන්ට විරුද්ධව කුරුඳු තලන්නන් ගේ කැරැල්ල
 

මුහුදුබඩ පළාත්වල සිටි සාමාන්‍ය ජනතාවට ලන්දේසින්ගේ පීඩාකාර බදු ප්‍රතිපත්තිය හා බදු අයකරගන්නන් ප්‍රමාණයට වඩා බදු මුදල් අයකිරීම වැනි දුෂ්කරතා වලට මුහුණපෑමට සිදුවිය. මෙකල ලන්දේසින් කුරුඳු තලන්නන් සඳහා පැනවූ "වී" බද්ද ජනතාවගේ දැඩි කලකිරීමට හේතු විය.

කුරුඳු තලන්නන් ඉතා දුක සේ දුර බැහැර ප්‍රදේශවල මේ කාර්යය කළ යුතු විය. නියම කරන ලද කුරුඳු ප්‍රමාණය සැපයිය නොහැකි වු අයට තදබල දඬුවම් විඳීමට ද සිදුවිය. මේ නිසා 1757 දී ලන්දේසි පාලනයට විරුද්ධව කුරුඳූ තලන්නන්ගේ කැරැල්ලක්‌ ඇති විය.

එහෙත් ලන්දේසින්ට එම කැරැල්ල පහසුවෙන්ම මර්දනය කළ හැකි විය. තමා පදිංචිව සිටි හා වගා කළ ඉඩම්වල අයිතිය ලියකියවිලි වලින් තහවුරු කරන ලෙස ලන්දේසීන් විසින් රටවැසියාට බල කරන ලදි. ජනතාව පාරම්පරිකව භුක්‌ති විඳගෙන ආ ඉඩම් කිසිවකට ලිඛිත ඔප්පු ආදිය තිබුණේ නැත. ඉහත කී නීතිය නිසා කලකිරීමට පත් ජනතාව මාතර, සත් කෝරළය යන ප්‍රදේශවල ලන්දේසි විරෝධී කැරැල්ලක්‌ ඇති කළහ. එම කැරැල්ලද මැඩලීමට ලන්දේසීන්ට හැකිවිය.

බතාවියානු පාලකයා පසුව මෙම කැරැල්ලට හේතු සොයා බලා ලන්දේසි පාලන ක්‍රමයේ සුළු වෙනසක්‌ ද ඇති කළේ ය.

(c) Shilpa Sayura Foundation 2006-2017