ලන්දේසීන්ට විරුද්ධව පැන නැගණු දේශීය විරෝධතා
 

2 වන රාජසිංහ රජතුමා පෘතුගීසින් ලංකාවෙන් එළවා දමා ලන්දේසින් ලංකර ගැනීම "ඉඟුරු දී මිරිස්‌ ගත්තා සේ" විය. ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කිරීම ආරම්භ කිරීමෙන් පසු තම වාසිය තකා එම ප්‍රදේශ ඔවුන් යටතේම තබාගත් නිසා උඩරට රජුට පෘතුගීසීන් පැරදවීමෙන් අත්වූ විශේෂ වාසියක්‌ නොවීය.

1638 සිංහල - ලන්දේසි ගිවිසුම ක්‍රියාත්මක නොකිරීම නිසා රාජසිංහ රජතුමා ලන්දේසින් කෙරෙහි දැඩි ලෙස කලකිරී සිටියේය. එය එ‍සේ වුවද ලන්දේසීන් හා එක එල්ලේම සටන් කිරීමට රජතුමා ඉදිරිපත් නොවීය. උඩරට රාජ්‍ය සීමාවේ තිබුණු ලන්දේසි ප්‍රදේශවල කැරලි ඇති කිරීම හා හදිසියේ පහරදීම වැනි ‍ක්‍රියාමාර්ග රජතුමා ලන්දේසින්ට විරුද්ධව අනුගමනය කළේය.

බෙලිගල් කෝරළය, මඩකලපුව, කල්පිටිය, අරිප්පු යන ප්‍රදේශවල මේ කාලයේ ලන්දේසි විරෝධී කැරලි ඇතිවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017