1640 වන විට යුරෝපයේ පෘතුගීසි - ලන්දේසි මිත්‍රත්ව ගිවිසුම අවසන් ව තිබුණ බැවින් 1652 දී ලන්දේසින් විසින් කළුතර සිට මාතර දක්‌වා වූ පෘතුගීසි පාලනයේ තිබූ ප්‍රදේශ යටත්කර ගන්නා ලදි. 1656 වන විට පෘතුගීසින් සතුව තිබුණේ කොළඹ, මන්නාරම, යාපනය, රයිගම් කෝරළය හා සබරගමුව පමණකි.
1656 දී සිංහල හමුදා හා ලන්දෙසි හමුදා එක්‌ව කොළඹ කොටුවට පහරදී එය යටත් කර ගති. ඉන්පසු ලන්දේසින් ක්‍රියාත්මක වූයේ කොළඹ කොටුව මධ්‍යස්‌ථානය කරගෙනය. කොළඹ කොටුව තමන්ට භාර නොදීම නිසා උරණ වූ 2 වන රාජසිංහ රජු තම සේනාවද සමග ආපසු මහනුවරට ගියේය.
ලංදේසින් විසින් 1658 දී මන්නාරම හා ඉන්පසු යාපනට කොටුවද අල්ලා ගැනීමෙන් පසු එතෙක් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පැවැති පෘතුගීසි පාලනය සම්පූර්ණයෙන්ම අවසන් විය.
ලන්දේසීන් උඩරට රජුන් සමඟ පැවැත්වූ සම්බන්ධතාව බොහෝ දුරට මිත්‍රශීලි විය. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාවේ වෙළඳ ආධිපත්‍යය ලබා ගැනීම සහ රෙපරමාදු ආගම ලංකාවේ ප්‍රචාරය කිරීමත් ය. එම අරමුණු ඉටුකර ගැනීමට බාධා වන ක්‍රියාවලින් වැළකී සිටීමට ඔව්හූ හැමවිටම උත්සහ කළහ.
ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු




