1638 දී 2 වන රාජසිංහ රජු හා ලන්දේසීන් අතර සිංහල - ලන්දේසි ගිවිසුම අත්සන් කරනු ලැබීය. එහි වැදගත් කොන්දේසි කීපයක් මෙසේය,
1. ලංකාවේ කෙරෙන සියලුම යුද්ධ සඳහා වියදම් සිංහල රජතුමා විසින් ගෙවිය යුතුය.
2. යුද්ධ වියදම් ගෙවූ පසු ලන්දේසීන් අල්ලාගත් බලකොටු රජුට පවරා දිය යුතුය.
3. පෘතුගීසින් සතුව තිබුණු විදේශ වෙළඳාම කරගෙන යාමට ලන්දේසින්ට ඉඩදිය යුතුය.
4. බලකොටු වලින් පෘතුගීසින් පන්නා දැමූ පසු ඒවායේ ආරක්‌ෂාව සඳහා සිංහල රජු කැමති නම් පමණක් ලන්දේසි භටයන් යෙදවිය යුතුය.
ඉන්පසු රාජසිංහ රජු විසින් ලන්දේසින්ගේ සහාය ඇතිව මීගමුව, ගාල්ල, මාතර යන පෘතුගීසි බලකොටු අල්ලා ගන්නා ලඳී. මේ සඳහා සිංහල රජුට උදව් කළේ ලන්දේසි පෙරදිග වෙළඳ සමාගමේ අධ්‍යක්‌ෂක වූ ජෙනරාල් ලුක්‌ස් නමැති ලන්දේසි
නිලධාරියාය.
මීගමුව බලකොටුව රජුට භාර නොදීම නිසා මේ කාලයේ රජු හා ලන්දේසීන් අතර මතභේදයක් ඇති විය. මීගමුව, ගාල්ල වැනි ප්‍රදේශවල බහුවල කුරුදූ වැවුණ නිසා එම බලකොටු තමා යටතේ තබා ගැනීම සඳහා ලන්දේසින් කපටි ලෙස යට කී ගිවිසුමේ හතරවන වගන්තිය ලන්දේසි පිටපතේ වෙනස් කරගෙන තිබුණි.
මේ කාලයේ යුරෝපයේ පෘතුගීසි, ලන්දේසි මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණ බැවින් පෘතුගීසින් සතු අනෙක් බලකොටුවලට පහරඳීමට ලන්දේසීන්ට තම මව් රටින් අවසර ලැබුණේ නැත. ලංකාවේ මේ වන විට දිනාගෙන තිබුණු ලන්දේසි ප්‍රදේශ පාලනය සඳහා ආණ්ඩුකාර වරයකු පත්කර එවන ලදි.
මේ වකවානුවේ පෘතුගීසි සත්කෝරළය ප්‍රදේශයේ ලන්දේසි විරෝධී කැරැල්ලක් ඇති කළහ. මෙම ප්‍රදේශය ලන්දේසීන් සතුව තිබුණු ප්‍රදේශයක් නිසා මෙම කැරැල්ල උඩරට රජු විසින් ඇති කරන්නට ඇතැයි සැක කළ ලන්දෙසි ආණ්‌ඩාකාරයා උඩරට රජුට විරුද්ධව යුද්ධ කිරීමට තීරණය කළේය. මේ ගැන දැනගත් බතාවියානු පාලකයා ඔහු එම ධූරයෙන් ඉවත් කොට ජාන් මාත්සුකර් නමැති නව ආණ්‌ඩුකාරයෙක් පත්කර එවීය. ඔහු උඩරට රජු සමග මිත්‍රශීලීව කටයුතු කරන්නට විය.
