2 වන රාජසිංහ රජු උඩරට රජවීම 1635
 

1635 දී උඩට රජුවූ 2 වන රාජසිංහ, පෘතුගීසින් මේ රටින් පන්නා දැමීම තම ප්‍රධාන කාර්යය ලෙස සලකා කටයුතු කළේය. ඒ සඳහා ඔහු ලන්දේසි සහය දැඩි ලෙස අපේක්ෂා කළ අතර ලන්දේසින්ගේ පරමාර්ථය වූයේ පෘතුගීසින් පන්නා දමා ලංකාවේ වෙළඳාම සම්පූර්ණයෙන්ම තමා යටතට ගැනීමයි.

රාජසිංහ රජු බතාවියානු නිලධාරින් අතර ඇතිවූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක්‌ ලෙස 1638 දී වෙස්‌ටර් වෝලඩ් අද්මිරාල් හා විලියම් කෝස්‌ටර් උප අද්මිරාල්වරු යටතේ අති විශාල යුද්ධ හමුදාවක්‌ රැගත් නැව් තුනක්‌ මඩකලපුවට පැමිණියේය.

2 වන රාජසිංහ රජතුමාද තම යුද්ධ සේනා සමඟ මඩකලපුවට ගොස්‌ ලන්දේසි සේනාව සමඟ එක්‌ව මඩකලපුවේ සහ ත්‍රිකුණාමලයේ පිහිටි පෘතුගීසි බලකොටුවලට පහරදී අල්ලා ගත්තේය. පෘතුගීසි බලකොටුද විනාශ කර දැමිණි.

(c) Shilpa Sayura Foundation 2006-2017