උඩුගම්පොළ පළමුවෙන්ම නුවරක් ඉදිකොට වාසය කෙළේ කැලණිතිස්‌ස රජුගේ සෝවුරු උත්තිය කුමාරයා යයි කියති. ඒ කුමාරයාගෙන් පසු නගරය වනගත වී තිබුණේය. ඊට පසු කෝට්‌ටේ ධර්මපරාක්‍රමබාහු රජුගේ සහෝදරයකුවූ සකල කලා වල්ලභ නම් කුමරුවා මෙම නගරය යළිත් පිළිසකර කරවා උයන්වතු, වැව්, පොකුණු කරවා එහි වාසය කරමින් ඒ ප්‍රදේශය පාලනය කරගෙන සිටියේය. ඒ රජුගේ මාලිගාව තිබුණ තැන දැන් මාලිගා ගොඩැල්ල නමින් විහාරස්‌ථානයක් කරවා ඇත්තේය.
කළු යකා
සකල කලා වල්ලභගේ කාලයෙහි මේ පෙදෙස වන හස්‌තීන්ගෙන් ගහණ විය. වන ඇතුන්ගේ පැමිණීම වැළැක්‌වීම පිණිස ඇතුළු නුවර වටා පුළුලින් දහ රියනක් පමණ වූ ද ගැඹුරින් අට රියනක් පමණවූ ද විශාල දිය අඟලක් කැණ වූයේය. එපමණක් නොව රජවාසල ප්‍රයෝජනයත් රජුගේ ස්‌නානයත් සඳහා විශාල පොකුණක් ද කරවා තිබුණේය.
අක්‌කර දහයක් පමණ විශාල වූ ඒ පොකුණ තිබුණ ඉඩම දැන් වෙල්යායක් බවට පෙරළී ඇත්තේය. රජතුමා මරා රජය ගැනීමට සිතා සිටි කළු කුමාරයා නමැති ඒ පීතෘද්‍රෝහි කුමාරයා පලාගොස් ගලෙන් පැන දිවි නසා ගත්තේය.
ඒ කුමාරයා යකෙකු වී ඉපදී එහි මිනිසුන්ට ලෙඩ රෝග කිරීමාදියෙන් නොයෙක් උවදුරු ඇතිවූ කල එයින් වැළකීම පිණිස ගම්මු කළු යකාගේ බිලිය නමින් යාගයක් කිරීමට පුරුදුව සිටි බවද කියති. බිලියාගය පැවැත්වීමෙන් පසු ඒ උවදුරු හොදවන බව ඔවුන්ගේ විශ්වාසය වේ.
කුමරියන් බිලිදීම
යටකී පොකුණට ජලය ලබාගැනීම සඳහා නුවරට මයිල දෙකක් පමණ උතුරෙන් ගලාබස්‌නා මිණුවන්ගොඩ ඔය හරවා වේල්ලක් බැඳීමට ආරම්භ කෙළේය. වරින් වර ඒ බැම්ම වතුරෙන් කඩා යන හෙයින් එතනට බිලිපූජාවක් කළයුතු බව කල්පනා කල රජු ස්‌වර්ණාභරණයෙන් සරසනලද තරුණ කුමරියන් හත්දෙනෙක් එතනට ගෙනගොස් හිස් සිඳ මළකඳන් හා හිස් ද ඔයට දැම්මෙවුවේය.
මිණිවන්ගොඩ
ඒ හිස්‌සුන් ස්‌ත්‍රීන්ගේ මළ කඳන් ගඟේ පාවෙනු දුටු වැසියෝ ඒවා ගොඩගෙන ආභරණ ගලවා එක් තැනක ගොඩ ගසා මිනී වළලා දැමූහ. පසුව ඒ ආභරණ ගොඩ වසා චෛත්‍යයක් සේ පස්‌ගොඩ කළෝය. කල්යාමේදී ස්‌ත්‍රීන්ගේ මිණිරුවන් ගොඩගැසූ ස්‌ථානය ඒ නිමිත්තෙන් මිණිරුවන්ගොඩ යයි ව්‍යවහාරයට ගියේය. තවත් කල් ගතවීමේදී ඒ නම මිණිවන්ගොඩ වී එය ඒ පළාතේ ග්‍රාම නාමය සේ ප්‍රකටව ගියේය.
ගලේ ඔළුව
ඔයේ බැම්මට බිලිදුන් ස්‌ත්‍රීන්ගේ එක් හිසක් පාවීගොස් ගඟේ ගලක් මත රැදී තිබුණේය. ඒ නිමිත්තෙන් ඒ ස්‌ථානය ගලේ ඔළුව යයි වහරට වැටී අවුත් ඒ නමින් ඒ ප්‍රදේශය ගමක් වී ගියේය. බිලිදුන් එක් කුමරියකගේ බොක්‌ක පාවී ගොස් රැදී තිබුණු ස්‌ථානය බොක්‌ක මුල්ල නමින් ව්‍යවහාර වී පසුව ඒ නම ගමේ නම හැටියට ම භාවිතයට ගියේය.
බිලිපූජාවෙන් පසු ඔයේ බැම්ම කලක් නොකැඩී පැවතුන බව කියති. බැම්ම බැඳීමට පැමිණ සිටි මිනිස්‌සුත් ඒ අසලම පදිංචිව සිටි නිසා වාන (සොරොව්ව) කළ හෙයින් ඒ ගම්වැසියෝ පදිංචි ගමත් කළවාන නමින් ව්‍යවහාරයට ගියේය. වාන යැයි කියන්නේ ඇළක් හෝ ගඟක් හරහා සොරොව්වක් සේ බඳින බැම්මටය. රජු නෑමට සිටි මිනිසුන්ගේ ගම වෑගොව්ව විය. සොරොව් රැක්‌මට සිටි මිනිසුන් පදිංචි ප්‍රදේශය හොරම්පැල්ල විය.
අස්‌වානේ දෙයියෝ
සවකීය ප්‍රදේශයේ අභිවෘද්ධිය සඳහා අපමණ කටයුතු කළ ඒ සකල කලා වල්ලභ රජ්ජුරුවෝ අභාප්‍රාප්තවී දෙවියකු වී උපන් බව වැසියෝ කල්පනා කළහ. එම නිසා ඒ රජු බැන්දෙව් බැම්ම හෙවත් වාන අසල දේවාලයක් තැනූ ගම්වැසියෝ පුද පූජා පවත්වන්නට වූහ. දේවාලයේ පුද පූජා පවත්වා දෙවියන්ට කන්නලව් කිරීමෙන් වැසියන්ගේ බලාපොරොත්තුව ඉටු විය. තවමත් ඒ දෙවියන් ඇදහීම
පවතින බව කියති.
අවුරුදු බොහෝ ගණනකට පසු යථෝක්‌ත වාන (වැව් බැම්ම) කැඩී බිඳී වානෙන් ගත් දියපාර වැසී ගියේය. ඊට පසු මිනිස්‌සු එයට අස්‌වාන (වාන අස්‌වූ තැන) යයි ව්‍යවහාර කළහ. ඒ නිමිත්තෙන් දේවාලයේ හා දෙවියන්ගේ නමුත් පෙරැළී ගොස් දෙවියන්ට අස්‌වානේ දේවාලය කියාද දේවාලයට අස්‌වානේ දේවාලය කියාද ව්‍යවහාර කරගෙන එති. සමහරු මේ දෙවියන්ට කබලෑවේ දෙවියෝ යයි කියති. තවතවත් කල් යෑමේදී පළාත් වාසීන් විසින් යටකී දේවාලය අසල විහාරයක් ද සාදා ආගමික වටිනාකමක්‌ද එයට එකතු කරනු ලැබූහ.
අස්‌වානේ දේවාලය
මේ දෙවොල ගැන කියන තවත් ජනකතාවක් සැකෙවින් මෙහිලා සඳහන් කරමු. සකල කලා වල්ලභ රජු උඩුගම්පොළ වාසය කරන කාලයේ කලවාන නමැති වැව බැන්දෙව්වේය. ඒ වැව් බැමි කීප වාරයක්‌ම වතුරට බිඳීගිය නිසා රජු තමාගේ අප්‍රසිද්ධ මෙහෙසියක් වූ රජක ස්‌ත්‍රීයක වැවට බිලි දුන්නේය. ඊට පසුවද වැව්බැම්ම බිඳීගිය නිසා ඒ ශෝකයෙන් රජු වැවට පැන දිවි නසා ගත්තේය. එසේ මළ රජතුමා
දේවතාවෙක් වී ඉපිද සිටින බව විශ්වාස කළ පළාත් වැසියෝ දේවාලයක් ගොඩනඟා දේවපූජා පවත් වන්නට වූහ. අස්‌වානේ දේවාලයයි කියන්නේ ඊටය.
කළු කුමාරයා
මේ රජුට දාව රජක ස්‌ත්‍රීයක කුසින් උපන් පුතෙක් සිටියේය. ඒ කුමාරයා කාලවර්ණ ශක්‌තිමත් කෙනෙක් විය. රජුගේ අගමෙහෙසියට ද පුතෙක් සිටියේය. ඔහු බාලයාය. රජක ස්‌ත්‍රීන්ගේ පුතාවූ වැඩිමල් කුමාරයා බාල කුමාරයාට රජකම දේය යන කල්පනාවෙන් රජු මරා රජකම ගන්ට සිතුවේය. එසේ සිතූ ඔහු පිය රජු
නාන පොකුණේ යහුල් සිටුවා තැබීය.
රජතුමා ස්‌නානය පිණිස ගොස් ඇඳුම් උනා පොකුණට පනින්නට යනවිට පොකුණ සිසාරා කළු දෙබරු හැසිරෙන බව දුටුවේය. එය අශුභ නිමිත්තකැයි සිතූ රජතුමා පොකුණ පරීක්‍ෂා කෙරෙව්වේය. එවිට යුහුල් සිටුවා ඇති බව පෙනුනේය. රජතුමා මෙය කළු කුමාරයාගේ වැඩක් බව දැන කිපී ඔහු අල්ලා මරණ ලෙස නියම කළේය. රාජදූතයෝ තමා අල්ලන්නට එන බව දුටු කුමාරයා මිතුරෙකුත් සමඟ දුවන්නට පටන් ගත්තේය.
කීප දවසක් දුවලා සැඟවෙන්ට බැරි බව දැන අනුන් අතින් මැරෙනවාට වඩා දිවි හානිකර ගැනීම යෙහෙකැයි සිතා කුණුදිය පර්වතයට නැග දෙදෙනා අත්වැල් බැදගෙන පැන මළහ. ඊටපසු ඔහු කළු කුමාරයා නමින් යක්‌ෂයෙක්‌ව ඉපිද හරක් සඟවන්ටත් ළමයින් බියගන්වන්ටත් ස්‌ත්‍රීන්ට ලෙඩ කරන්ටත් පටන් ගත්තේය. කළු කුමාර යක්‌ෂයාට බලිබිලි දීම පටන් ගත්තේ එතැන් සිටය.