ලන්දේසීන් ආසියාවට පැමිණීම 1601
 

ඕලන්දය හෙවත් නෙලදර්ලන්තය යුරෝපයේ උතුරු වෙරළාසන්නයේ පිහිටි රටකි. 1581 න් පසුව නිදහස්‌ රාජ්‍යයයක්‌ ලෙස ඉදිරියට ආ මෙම රට තමන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය මිලට ගත්තේ පෘතුගාලයේ ලිස්‌බන් නුවරිනි. පෘතුගාලයේ පිලිප් රජු 1595 දී ඕලන්දයට වෙළඳ ද්‍රව්‍ය සැපයීම තහනම් කළ නිසා බරපතල ගැටලුවකට මුහුණදීමට ඕලන්දයට සිදැවිය. මෙම අභීයෝගය ජය ගැනීම සඳහා 1601 දී "ඕලන්ද පෙරදිග ඉන්දියා එක්‌සත් වෙළඳ සංගමය" පිහිටුවා ගත් ඔව්හු පෙරදිග රටවල් සමඟ වෙළඳාම් කිරීම ආරම්භ කළහ.



මේ අවදියේ යුරෝපා රටවල් කීපයක්‌ම පෙරදිග ලෝකයේ වෙළඳාම අත්පත් කර ගැනීම සඳහා තරගයක යෙඳී සිටියහ. මේ වන විට පෘතුගීසින් පෙරදිග වෙළඳාම අත්පත් කරගෙන සිටි අතර ඔවුන් අතර යුරෝපයේ පැවැති නොහොඳ නෝක්‌කාඩු ලන්දේසීන්ට පෙරදිග වෙළඳ කටයුතු ව්‍යාප්ත කිරිමේදී මුහුණපෑමට සිදැවූ ප්‍රධානතම අභියෝගයක්‌ විය.

 

 

ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ දැඩි උත්සාහය මත ඔවුනට ඉන්දුනීසියාව හා මලයාව සමගත් චීනය සමගත් වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමට හැකිවිය. ජාවා දැපතේ පිහිටි බතාවියාව ඔවුන්ගේ පෙරදිග වෙළඳ මධ්‍යස්‌ථානය විය.




 බතාවියාව පිහිටවූ ජෑන් පීටර්ස්


 

(c) Shilpa Sayura Foundation 2006-2017