පෘතුගීසී පාලනයේ සමාජීය වෙනස්‌කම්
 

මුහුදැබඩ ප්‍රදේශවල ජනතාවගේ සමාජ ජිවිතයේද වෙනස්‌කම් රාශියක්‌ සිදුවිය. බෞතීස්‌ම කිරීමෙන් පසු සිංහලයන්ට ලැබුණේ පෘතුගීසි පෙළපත් නාමයන්ය. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දැ, ෆොන්සේකා, කොස්‌තා, අල්විස්‌, මැල් ආදී පෙළපත් නාම සහ පිල්ප්, ජෝන්, ජුවන්, සීමන්, ලුසියා, ලැයිසා, මෙරායා වැනි පුද්ගල නාමද මෙරට ජනයා අතර භාවිතයට පැමිණියේය.

පිරිමි නම්වලට මුලින් දොන් හා ගැහැණු නම් වලට මුලින් දෝන යනුවෙන් යෙඳීමද පෘතුගීසි ක්‍රමයකි.

උදාහරණ :
දොන් ජුවන්, දොන් පිලිප්
දෝන කතිරිනා, දෝන මෙරායා

මුහුදැබඩ ප්‍රදේශ පාලනය සඳහා පෘතුගීසින් යොදා ගත්තේ ඔවුන්ගේ බසයි. ඒ නිසා පෘතුගීසි භාෂාවේ වචන රාශියක්‌ සිංහල භාෂාවට එක්‌වී ඇත.

ගෘහ භාණ්‌ඩ - අල්මාරි, බංකු, කනප්පු
ඇදැම් පැළදැම් - කලිසම්, කමිස, බොත්තම්, ගාංචු
ලෙඩ රෝග - පරංගි, ලාදැරු

පෘතුගීසින්ගේ සංගීත ක්‍රම සහ බයිලා හා කපිරිඤ්ඤා ගායනා විලාශයන්ද මෙරට ජන සමාජයට එක්‌විය. පෘතුගීසි නැටුම් විලාශයන් හා සිරිත් විරිත් සමූහයක්‌ද ඒ අතර වෙයි.

පැහැදිලිව හඳුනා ගැනීම දුෂ්කර වුවත් පෘතුගීසි ජාතිකයන් මෙරට දී ඇති කරගත් විවාහ සම්බන්ධතා සහ ඔවුන් විසින් මෙරටට ගෙන එන ලද විදේශීය කුලී හේවායන්ගෙන් පැවත එන ජන කොටස්‌ද මෙරට ජන සමාජයට එක්‌ව ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017