සේගරාස සේගර මාලෙයි: 14 වන මුල් භාගයේදී ආර්ය චක්‍රවර්තී පාලකයන් ගැන කරුණු ඇතුලත් ජොතිෂ්‍ය ග්‍රන්ථයකි. ආර්ය චක්‍රවර්තීන්ගේ මුල් බිම රාමේෂ්වරය බවත් ඔවුන් ගංගා පෙළපතට අයත් බව දක්වා තිබේ.
රඝු වංශම් : කාලිදාස කවියාගේ රඝුවංශයේ ද්‍රවිඩ පරිවර්ථනය.
දක්‍ෂිණ කෛලාස පූරණම් : ත්‍රිකුණාමලයේ කෝනේස්වරම් ශිව දේවාලය වර්ණනා කරමින් පණ්ඩිත රංගර් විසින් ලියූ ග්‍රන්ථයකි.
සරජෝති මාලෙයි: ජේයාතිෂය ග්‍රන්ථයකි. 6 වන පරාක්‍රමබාහු රජුගේ ආරාධනයෙන් ලියූ බව සඳහන් නිසා සිංහල රජවරු ද්‍රවිඩ ග්‍රන්ථකරණයට අනුග්‍රහය දැක්වූ බව තීරණය කළ හැක.
