මෙම කාල පරිච්ජේදය සිංහල සාහිත්‍යයේ ප්‍රබෝධමත් යුගයකි. සිංහල සන්දේශ සාහිත්‍යයේ ස්වර්ණමය යුගයද වේ. මෙකල ඇති වු සාහිත්‍ය දියුණුවට උතුරුමුල හා මහනෙත් පාමුල යන සංඝ පරම්රාවලින් ඉටු වු සේවය ඉමහත්ය. මේ යුගයේ මහා පඬිවරුන් රැසක් විවිධ අංශ ඔස්සේ වටිනා ග්රන්ථ රැසක් බිහිකර ඇත. ඒවා අතර,
- සන්දේශ කාව්‍යය -
- ජාතක කතා කාව්‍යය
- අස්න කාව්‍යය -
- භක්ති කාව්‍යය -
- වංශ කතා
- ශතක කාව්‍යය
- උපදේශ කාව්‍යය
- උපහාස කාව්‍යය
- චරිත කතා සහ
හා ගද්‍යයෙන් සහ පද්‍යයෙන් ලියන ලද ධර්ම ග්රන්ථ ද වේ.
කෝට්ටේ යුගයේ සාහිත්‍ය පෝෂණයට සන්දේශ කාව්‍යවලින් ඉටුවූ සේවය අති විශාලය.
පරෙවි සන්දේශය :- තොටගමුවේ විහාරයේ වැඩ විසූ ශ්‍රී රාහුල හිමියන්ගේ කෘතියකි. 6 වන පැරකුම්බා රජුගේ වැඩිමහල් දියණිය වූ චන්ද්‍රාවතී කුමරියට සුදුසු සැමියෙක් හා අනාගතයේ රාජ්‍යය බාර ගැනීම සඳහා පුත් කුමරෙක් ලබාදෙන ලෙස ඉල්ලමින් උපුල්වන් දෙවියන් වෙන යැවූ හසුනක් ආකාරයෙන් මෙම කාව්‍යය රචනා කර ඇත.
සැලළිහිණි සන්දේශය :- උලකුඩය (චන්ද්‍රාවතී) දේවියට පුතෙකු ලබාදෙන ලෙස ඉල්ලමින් විභිෂණ දෙවියන් වෙන යැවූ පණිවුඩයක ආකාරයෙන් රචිතය. මෙම ග්‍රන්ථය සන්දේශ කාව්‍ය අතර ඉතාම වටිනා කාව්‍ය ලෙස පිළිගැනී ඇත. ශ්‍රී රාහුල හිමියන්ගේම කෘතියකි.
කෝකිල සන්දේශය :- දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන්පති හිමියන්ගේ කෘතියකි. යාපනය ජයගත් සපුමල් කුමාරයාට@ සෙත් පැතීම මෙහි අරමුණ විය. ඔහු ආරක්ෂා කර දෙන ලෙස උපුල්වන් දෙවියන් වෙත මෙම පණිවුඩය යොමුකර ඇත.
ගිරා සන්දේශය :- පැරකුම්බා රජුට මැති ඇමතිවරුන් සෙත් පතා ලියන ලද්දකි. කර්තෘ අවිනිශ්චිතය.
හංස සන්දේශය :- වීදාගම මෛත්‍රිය හිමියන් විසින් රචනා කර ඇත.
පැරකුම්බා රජුට සෙත් පතා රතන සූත්‍රයෙන් ලක්ෂ වාරයක් පිරිත් කියන ලෙස ඉල්ලමින් කෑරගල භක්තියට වඩා බුදැදහමේ එන පිරිත් වැනි ධර්ම කොටස් කෙරෙහි විශ්වාසය තබන ලෙස පාඨකයන්ට ඉඟියක්ද කෙරෙයි.
ජාතක කාව්‍යය ගත්තිල කාව්‍යය : වෑත්තෑවේ හිමියන් ජාතකය පදනම් කරගෙන ශ්‍රී රාහුල හිමියන් විසින් ලියන ලද්දකි.
අස්න කාව්‍යය : කුවේණි අස්න
ශතක පොත් :
එළු සිලෝ ශතකය : සිංහල සිව්පද කාව්‍යයකි. මුල මැද අග එළිසම පිහිටුවා ජන්දස් අලංකාර අනුව රචනා කර ඇති ශාස්ත්‍රීය ග්රන්ථයකි.
ප්‍රහේළිකා කාව්‍යය : මේවා අතර දහම්ගැට මාලය වැදගත් වේ. මෙහි ගී හැම එකක්ම ව්යාංගර්ථ සහිතය. දහම් කරුණු ඇතුළත්ය. ගැටය ලිහා එහි අර්ථය ලබාගත යුතුය.
උපදේශ කාව්‍යය :
ලෝවැඩ සඟරාව වැදගත් උපදේශ කාව්‍යයකි. වීදාගම
හිමියන්ගේ කෘතියකි. මෙලොව ජීවිතයේ ඇති නිසරු බව හා පරලොව ජීවිතය යහපත් කරගෙන නිවන් ලබා ගැනීම සඳහා දෙන ලද උපදේශ රැසකින් යුක්තය.
උපහාස කාව්‍ය
මේ අතර බුදුගුණ අලංකාරය වැදගත් වේ. දෙවියන් පිදීම උපහාසයට ලක්කර ඇත. වීදාගම මෛත්‍රිය හිමියන්ගේ කෘතියකි.
චරිත කතා අතර පැරකුම්බා සිරිත වැදගත් වේ. 6 වන පැරකුම්බා රජුගේ පෞඩත්වය හා ඓශ්වර්යය වර්ණනා කරමින් ලියා ඇත. කර්තෘ අවිනිශ්චිතය.
වංශ කතා :
චූලබෝධි වංශය
එළු අත්තනගලු වංශය (වීදාගම හිමි)
පංචිකා ප්රඳීපය :- ව්‍යාකරණයට සම්බන්ධ කෘතියකි. ශ්‍රී රාහුල හිමියන්ගේ රචනයකි.
කෝට්ටේ යුගයේ ලියවුනු ද්‍රවිඩ කෘති
සේගරාස සේගර මාලෙයි. 14 වන මුල් භාගයේදී ආර්ය චක්‍රවර්තී පාලකයන් ගැන කරුණු ඇතුලත් ජොතිෂ්‍ය ග්රන්ථයකි. ආර්ය චක්රවර්තීන්ගේ මුල් බිම රාමේෂ්වරය බවත් ඔවුන් ගංගා පෙළපතට අයත් බව දක්වා තිබේ.
රඝු වංශම් : කාලිදාස කවියාගේ රඝුවංශයේ ද්‍රවිඩ පරිවර්ථනය.
දක්ෂිණ කෛලාස පූරණම් : ත්‍රිකුණාමලයේ කෝනේස්වරම් ශිව දේවාලය වර්ණනා කරමින් පණ්ඩිත රංගර් විසින් ලියූ ග්රන්ථයකි.
සරජෝති මාලෙයි: ජේයාතිෂය ග්රන්ථයකි. 6 වන පරාක්‍රමබාහු රජුගේ ආරාධනයෙන් ලියූ බව සඳහන් නිසා සිංහල රජවරු ද්‍රවිඩ ග්රන්ථකරණයට අනුග්‍රහය දැක්වූ බව තීරණය කළ හැක.