ගම්පල යුගයේ සාහිත්‍යය
 

සද්ධාර්මාලංකාරය :- ගම්පොළ ධර්ම කීර්ති හිමියන්ගේ කෘතියකි. පාලි රසවාහිනී ග්‍රන්ථය අනුව ලියා ඇත.

මයුර සන්දේශය :- සිංහල සන්දේශ කාව්‍ය සාහිත්‍යයේ පැරණිම ග්‍රන්ථය ලෙස සැලකේ. "කවීශ්වර" නමැත්තාගේ කෘතියක්‌ ලෙස එහි සඳහන් වේ.

තිසර සන්දේශය :- දෙවිනුවර උපුල්වන් (ශ්‍රී විෂ්ණු) දෙවියන්ගේ ආශිර්වාදය පැරකුම්බා රජුට ලබාඳීම සඳහා ලියා ඇති දෙවිනුවර තිලක පිරිවෙනේ හිමිනමක්‌ විසින් ලියා ඇත.

එළු අත්තනගලු වංශය :- පාලියෙන් ලියැවුණු හත්ථවනගල්ල විහාරවංශ නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයකි.

නිකාය සංග්‍රහය :- බෞද්ධ නිකායන්ගේ ඉතිහාසය දැක්‌වීම සඳහා ගම්පොළ ධර්මකීර්ති හිමියන් විසින් ලියන ලද ග්‍රන්ථයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017