රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති
 

රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති, වාණිජකරණය කෙරේ ඇති කරන බලපෑම් හේතුවෙන් නිෂ්පාදන සංවර්ධනයේ වැඩි දියුණුවට ඇති මාර්ග විවෘත වන අවස්ථා මෙන් ම ඇහිරෙන අවස්ථා ද දක්නට ලැබෙයි.


නිෂ්පාදන හා සේවා මත පැනවෙන බදු, අමුද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ ආනයනයේ දී පැනවෙන බදු ආදිය මීට බලපායි. ප්‍රවාහනය, විදුලිය සහ ආයෝජන ප්‍රවර්ධන කලාප මෙයට උදාහරණ වේ.

රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති මත වාණිජකරණය වීම ඔස්සේ ඉල්ලුම හැසිරවෙයි. සමාජවාදී ආර්ථික ක්‍රමය පැවැති සෝවියට් සමූහාණ්ඩුව තුළ නිෂ්පාදන ඒකාධිකාරිය රාජ්‍ය අංශය සතුව පැවතීම නිදසුනකි. සියලු නිෂ්පාදන මිනිස් අවශ්‍යතා මුල් කරගෙන නිෂ්පාදනය කෙරුණු බැවින් ඒවායේ විවිධත්වයක් දක්නට නොලැබිණි.


නමුත් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ඇති රාජ්‍ය වල නිෂ්පාදනය පෞද්ගලික අංශයේ කාර්යභාරය වෙනස් විය. මේ නිසා ලාභ ඉපැයීම හා මිනිස් වුවමනා කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව තරඟකාරී නිෂ්පාදනයන් කිරීමට යෙදුණි. භාණ්ඩවල විවිධත්වය ඉල්ලුමට හේතු විය.


වෙළඳපොළ තරඟකාරිත්වය නිසාත් නිෂ්පාදනවල වැඩි දියුණු වීම අගය කළ හැකි ලක්ෂණයක් වුවත් නිෂ්පාදන වැඩි දියුණු වීම සමාජය හා පරිසරය කෙරෙහි විවිධ බලපෑම් ඇති කරයි.


පොදුවේ දැකිය හැකි එවැනි ධනාත්මක මෙන් ම සෘණාත්මක බලපම් කිහිපයකි මේ,


* භාණ්ඩ හා සේවාවන්හි ශීඝ්‍ර ප්‍රමාණාත්මක වර්ධනය හා පරිභෝජනය හේතුවෙන් සම්පත් අධික ලෙස භාවිතය හා සම්පත් ක්ෂය වීම.

* එකම අවශ්‍යතාව වෙනුවෙන් විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදන බිහිවීමෙන් රුචිය අනුව ඒවා තෝරා ගැනීමට හැකිවීම.

* පරිගණකය, රූපවාහිනිය, විනෝදාත්මක ක්‍රීඩා භාණ්ඩ කෙරෙහි ඇබ්බැහි වීමෙන් පවුල් සබඳතා බිඳ වැටීම හා පුද්ගල මනස විකෘති වීම

* සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ නිෂ්පාදන වැඩි දියුණු වීමෙන් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිවීම.


මෙවැනි බලපෑම් තිලනාත්මක ව කළමනාකරණය කිරීම මානව යහපත සඳහා සිදු කළ යුක්තකි.
(c) Shilpa Sayura Foundation 2006-2017