මුහුදැබඩ පළාත් කෙරෙහි රෝමානු කතෝලික ආගමේ බලපෑම් ඉතා විශාල විය. කෝට්‌ටේ රජවරු, රජපවුලේ උදවිය හා රාජ්‍ය නිලධාරන් කතෝලික ආගමට හරවා ගැනීමට ඔවුන් මුලින්ම කටයුතු කර ඇත.
පහසුවෙන් ආගම ප්‍රචාරය කර ගැනීමට නම් රජු ප්‍රබුඛ ප්‍රභූන් ඇතුළු පරිපාලනයේ වැදගත් තනතුරු දැරූ අය කතෝලික ආගමට හරවා ගැනීමේ වැදගත්කම ඔව්හූ දැන සිටියහ. 1557 ධර්මපාල රජු කතෝලික ආගමට හරවා ගැනීමත් සමඟ පෘතුගීසින් යටතේ උසස් නිලතල අපේක්‌ෂාවෙන් සිටි ප්‍රභූ කොටස්‌ද කතෝලික ආගම වැළඳ ගත්හ. ආගම වෙනස් කළ අය තම රජු ලෙස සැලකුවේ පෘතුගාලයේ රජුය. විදේශ ආගමකට හා විදේශ රජෙකුට පක්‌ෂපාතී වූ පරගැති චින්තනයකින් යුක්‌ත ජනතාවක් බිහිවීම එය හේතුවිය.
මේ ප්‍රභූ පිරිස් අනුගමනය කරමින් ඔවුන්ගේ යටත් නිලධාරන් හා සේවකයින්ද විශාල වශයෙන් තම ආගමට හරවා ගැනීමට කතෝලික පූජකයන්ට හැකිවිය. කතෝලික ආගම වැළඳ ගන්නා අයට නම්බුනාම, බදැ සහන වැනි වරප්‍රසාද ලැබුණි.
කතෝලික ආගම නොඅදහන අය තම සතුරන් ලෙස සැලකීමට පෘතුගීසීන් කටයුතු කළහ.
