
පෘතුගීසීන්ගේ ආදායම් එකතු කිරීම, අධිකරණ කටයුතු, වැනි පරිපාලනයේ ඉහළ තනතුරු භාරව පෘතුගීසි නිලධාරන් කටයුතු කළ අතර පහළ තනතුරු චිරාගත ක්‍රමය අනුව දේශීය නිලධාරන්ට හිමිවිය. දේශීය පාලන සංවිධානය ලාභ ලැබීම සඳහා
ඔවුන්ට උපකාර වූ බැවින් එය වෙනස් කිරිමට ඔවුන් උත්සාහ කළේ නැත.
පැරණි සිංහල පාලන සංවිධානයේ වූ දිසාව, කෝරළය, අතුකෝරළය, පත්තුව, අතපත්තුව, ගම වැනි ප්‍රාදේශීය බෙඳීම් ඒ අයුරින්ම ක්‍රියාත්මක විය.
දේශීය නිලධාරින්ගේ පක්‌ෂපාතීත්වය ලබා ගැනිම සඳහා කතෝලික ආගම වැළඳගත් අයට ප්‍රමුඛස්‌ථානයක් දීමට පෘතුගීසීන් කටයුතු කර ඇත.
පෘතුගීසි පාලනයේ අවසාන කාලය වන විට එවකට පැවැති ලේකම් මිටි (ඉඩම් පිළිබඳ විස්‌තර) ඇසුරින් ඉඩම් පිළිබඳ තොරතුරු රැස් කිරීමට හා ජන සංඛ්‍යාව පිළිබඳව ලේඛනයක් සැකසීමට උත්සහායක් ගෙන තිබේ. "තෝම්බු" යනුවෙන් ව්‍යයවහාරයට පැමිණියේ මෙම විස්‌තර වාර්තාය.
