පෘතුගීසින් හා උඩරට රාජධාණිය අතර සටන්
 

1 වන විමලධර්මසූරිය රජු හා සූසා අතර 1594 දී සිදුවූ ගන්නෝරුවේ සටනින් පෘතුගීසින් පරාජය විය.

නැවත 1603 දී අසවේදු උඩරට ආක්‍රමණය කළ අවස්‌ථාවේ දේශීය ලස්‌කිරිඤ්ඤ හමුදාව සිංහල රජුගේ පක්‌ෂය ගැනීම නිසා එම සටන අසාර්ථක විය. මේ සටන සිදැවූයේ කඩුගන්නාවට ඉහළින් වූ "බලන" ප්‍රදේශයේදීය.

1628 දී කොන්ස්‌ටන් ටයින්ද සා උඩරට සෙනරත් රජු සමඟ සටන් කොට පරාජයට පත් විය. 1629 දි කළ තවත් සටනක්ද  එ‍සේම අසාර්ථක විය.

1630 දී කොන්ස්‌ටන් ටයින්ද සා නැවත උඩරට ආක්‍රමණය කිරීම සිදුවුවද වැල්ලවාය රන්දෙණි වෙලේදී සිදුවූ සටනින් මහා අස්‌ථාන කුමාරයා මෙහෙයවූ සිංහල හමුදාවට ජය අත්වීම හා පෘතුගීසි හමුදාව සමුල ඝාතනය වීම සිදුවිය.

1638 දී උඩරට 2 වන රාජසිංහ රජුට විරුද්ධව දියෝගුද මේලෝ කස්‌ත්‍රෝ උඩරට ආක්‍රමණය කිරීම හා ගන්නේරුවේදී සිදැවූ සටනින් පෘතුගීසි හමුදාව අන්ත පරාජයට පත්වය. ගන්නොරුවේ වෙල් යාය එකම ලේ විලක් වීය. ඒ සටන මෙහෙයවූයේ ලෙව්කේ නම් උඩරට සෙනවියකු විසිනි.


 බලන

 කඩුගන්නාව

(c) Shilpa Sayura Foundation 2006-2017