පෘතුගාලයේ ක්‍රියාත්මක වූ ක්‍රමයට අනුව මුදල් පාලනය සඳහා වෙනම නිලධාරයෙක් විය. ඔහු "විදෝර්දා පසෙන්දා" නම් විය. 1608 සිට ලංකාවේ මුදල් පාලනය සඳහා ද විදෝර්දා පසෙන්දා කෙනෙකු පත්කර එවිණි. ඔහුගේ නම "අන්තාවෝඕවාස් ප්‍රෙයිරේ" ය. ලංකාවේ සියලුම ආදායම් පාලක නිලධාරන් පත්කළේ ඔහුය.


රජයේ වාණිජ භාණ්‌ඩ ගබඩාකර තැබීම සඳහා කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මීගමුව යන ස්ථානවල ගබඩා ඉදිකිරීමට පෘතුගීසිහු පියවර ගත්හ.
මේ ගබඩාවල තැන්පත් කර ඇති ආනයන - අපනයන භාණ්‌ඩ පිළිබඳව විස්‌තරාත්මක තොරතුරු ලේඛනයක් පවත්වාගෙන යාම සඳහා එක් එක් ගබඩාවක් භාරව "පැක්‌ටර්" නම් නිලධාරියෙක් විය. ගබඩාවල යතුරු භාරව සිටියේ විදෝර්දා පසෙන්දා යටතේ පත්කළ නිලධාරියෙකි.
