රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හා මිනීමැරුම්වලට වරදකරුවන් වන අයගේ දේපල රාජ සන්තක කිරීම හා ඔවුන්ට මරණ දඬුවම දීමට කපිතාන් ජනරාල්ට බලය තිබුණි. පෘතුගීසි වංශවතුන්ට විරුද්ධව එල්ල වු ඉහත කී චෝදනාවලදී ඔවුන් අත් අඩංගුවට ගෙන ගෝවට යැවමේ බලය ද ඔහුට විය. කපිතාන් ජෙනරාල්ට විරුද්ධව එල්ල වු චෝදනා විභාග කිරීම සඳහා විසුරේගේ
ප්‍රධානත්වයෙන් යුත් අධිකරණ මණ්‌ඩලයක් විය.
ලංකාවේ පෘතුගීසි ප්‍රදේශවල අධිකරණ කටයුතුවල ප්‍රධානියා වූයේ කපිතාන් ජෙනරාල්ය. අසවේදුට සිංහල අධිකරණ නීතිය ගැන දැනුමක් නොවු බැවින් හෙතෙම සිංහල අධිකරණ නීතිය දත් ප්‍රභූන් අටදෙනෙකුගෙන් යුත් අධිකරණ මණ්‌ඩලයක් මල්වානේ පිහිටුවීය. එහි ප්‍රධානියා වූයේ කපිතාන් ජෙනරාල්ය.
එහෙත් ටික කලකට පසුව "ඌවිදෝර්" නම් පෘතුගීසි නිලධාරියෙකුට අධිකරණ කටයුතු පැවරිණි. සාමාන්‍ය නඩු අසා තීන්දුව දීමත් දඬුවම් පිළිබඳව බලයද ඌවිදෝර්ට හිමිවිය. ප්‍රධාන නඩු ඇසීම හා තීන්දැව දීමේ බලය කපිතාන් ජනරාල්ට හිමිවිය.
