පෘතුගීසි පාලන ව්‍යුහය
 

පෘතුගීසීන් කෝට්‌ටේ රාජ්‍යයේ පාලනය භාර ගන්නා විට එය දිසාවන් හතරකට බෙදා තිබුණි.

1. මාතර දිසාවනිය - ගාලු මුවදොර සිට වලවේ ගඟ දක්‌වා විහිදුණි
2. සබරගමු දිසාවනිය
3. හතර කෝරළේ දිසාවනිය
4. හත් කෝරළේ දිසාවනිය (මෙය වන්නි දේශ සීමාව දක්‌වා විහිදුණි).


සෑම දිසාවනියක්‌ම භාරව "දිසාවේ" කෙනෙක්‌ විය. යුක්‌තිය පසිඳලීම, රාජ්‍ය ආදායම් එක්‌රැස්‌ කිරීම, මං මාවත් ඒ දඬු පාලම් ඉදිකිරීම, දිසාව තුළ වෙනත් නිලධාරන් පත්කිරීම සහ හමුදා සංවිධාන කටයුතු ද ඔහුට භාර විය.

සිංහල දිසාවේ වරු ඒ ඒ පාලන ප්‍රදේශවල ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර ව සිටියහ. ඒ නිසා පෘතුගීසීහු දිසාවේ තනතුරුවලට ඔවුන්ට හිතවත් අය පත් කිරීමට පියවර ගත්හ. ඔවුන් කතෝලික ආගමට හරවා ගැනීමට ද කටයුතු කළහ. එසේ නොහැකි වු අය වෙනත් යටත් විජිතවල උසස් තනතුරු දීමේ
මුවාවෙන් රටින් පිටමං කරන ලදි.

පෘතුගීසී පාලනයේදී ලංකාවේ ප්‍රධානියා වූයේ කපිතාන් ජෙනරාල්ය. පෙරදිග පෘතුගීසී මූලස්‌ථානය භාරව ගෝවේ සිටි "විසුරේ" ට කපිතාන් ජෙනරාල් වගකිව යුතු විය. විසුරේ පෘතුගීසි අධිරාජ්‍යයාගේ නියෝජිතයා විය. පෘතුගීසි බලකොටු භාරව සිටි නිලධාරි හා දිසාවේවරු කපිතාන් ජෙනරාල් යටතේ සිටියහ.

දේශීය පාලන ක්‍රමය යටතේ වික්‍රමසිංහ (සේනා නායක) නමැති නිලධාරියාට පැවරුණු හමුදා නායකත්වය පෘතුගීසීන් යටතේ කපිතාන් ජනරාල්ට හිමිවිය. ඔහුගේ සහායට කපිතාන්වරු හා සාර්ජන්ට්‌වරු වූහ. ලස්‌කිරිඤ්ඤ නමින් හැඳින්වූ දේශීය භට කණ්ඩායම්ද විවිධ කටයුතු සඳහා යොදා ගැනුණි. එහෙත් ඔවුන්ට ලැබුණේ මුරපොළවල් ආරක්ෂා කිරීම, ආහාරපාන, යුද්ධායුධ උසුලාගෙන යාම සහ පණිවුඩ ගෙන යාම වැනි සුළු කටයුතු පමණකි. 






























































The Portuguese Governors in Ceylon (Capitao General)

Names


Year

Pero Lopes de SOUSA 1594
Dom Jerònimo de AZEVEDO 1594 – 1611
Dom Francisco de MENESES 1611 – 1614
Manuel Homem MASCARENHAS 1614 – 1616
Dom Nuno Alvares PEREIRA 1616 – 1618
DomCostantino de SA’ e MENENES de NORONHA (first term) 1618 – 1620
Jorge de ALBUQUERQUE 1620 – 1623
Dom Costantino de SA e MENESES de NORONHA (second term) 1623 – 1630
Dom Felipe MASCARENHAS

(first term)

1630 – 1631
Dom Jorge de ALMEIDA (first term) 1631 – 1633
Diogo de MELO de CASTRO (first term) 1633 – 1635
Dom Jorge de ALMEIDA (second term) 1635 – 1636
Diogo de MELO de CASTRO (second term) 1636 – 1638
Dom Antonio MASCARENHAS 1638 – 1640
Dom Felipe MASCARENHAS

(second term)

1640 – 1645
Manuel Mascarenas HOMEM 1645 – 1653
Francisco de MELO de CASTRO 1653 – 1655
Antonio de Sousa COUTINHO 1655 – 1656

(c) Shilpa Sayura Foundation 2006-2017