1 වන විමලධර්මසූරිය රජතුමා උඩරට රජවීම
 

ක්‍රි.ව.1592-1604

සීතාවක රාජසිංහයන් උඩරට ආක්‍රමණය කරන අවස්‌ථාවේ එහි පාලකයා වු කරල්ලියද්දේ බණ්‌ඩාර රජු තම දියණිය වු කුසුමාසන දේවිය සහ බෑනා වු යමසිංහ බණ්‌ඩාර සමඟ පෘතුගීසීන් වෙත පලා ගියේ ය.

උඩරට රාජ්‍යය යටත් කර ගැනීම සඳහා රාජසිංහ රජුට බෙහෙවින් උපකාර කළේ පේරාදෙණියේ වීර සුන්දර බණ්‌ඩාර නම් අයෙකි. පසුව ඔහු උඩරට රජකම ලබා ගනිතැයි සැක කළ රාජසිංහ රජු ගම්, බිම්, තාන්න, මාන්න දීමට යයි ඔහු කැඳවා ගොලෑබොක්‌ක වීදියේ බොරු වළක දමා මැරවීය.

මේ සිද්ධිය සැල වූ වීර සුන්දර බණ්‌ඩාරගේ පුත් කොනප්පු බණ්‌ඩාර පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතා ඔවුන් වෙත ගියේ ය. මේ සියලු දෙනාම සතුටින් පිළිගත් පෘතුගීසීහු ඔවුන් බෞතීස්‌ම කොට තම ආගමට හරවා ගැනීමට කටයුතු කළහ.

බෞතීස්‌මයෙන් පසුව ඔවුන්ගේ නම් මෙසේ විය.
කුසුමාසන දේවි - දෝන කතිරිනා
යමසිංහ බණ්‌ඩාර - දොන් පිලිප්
කොනප්පු බණ්‌ඩාර- දොන් ජූවන්

පෘතුගීසීන් මොවුන්ට ආරක්ෂාව ලබා දුන්නේ ඔවුන්ගේ උපකාරයෙන් උඩරට රාජ්‍යයේ හිමිකමද ලබා ගන්නා අටියෙනි.
ගෝවට ගිය කොනප්පු බණ්ඩාර එහිදී කඩු ශිල්පයේ අති දක්‍ෂ සටන් කරුවකු ද්වන්දව සටනකින් මරාදැමීම නිසා නැවත ලංකාවට එවන ලදි.

කන්ද උඩරට රාජධානිය පාලනය කළ සීතාවක රාජසිංහ රජුගේ පාලනයට විරුද්ධව උඩරට ප්‍රදේශවල කැරැල්ලක්‌ ඇති විය. මේ අවස්ථාවේදී පෘතුගීසීහු කොනප්පු බණ්ඩාර හා යමසිංහ බණ්‌ඩාරගේ නායකත්වයෙන් නාවක් සමග මහනුවර අල්ලා ගැනීමට එවීය.

කොනප්පු බණ්ඩාර උඩරට ප්‍රධානීන්ගේ හා මහා සංඝයාගේ සහයෙන් යමසිංහ බණ්ඩාර උඩරට රජවූවද, කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාර මරා, 1 වන විමලධර්ම යන නමින් සෙංකඩගල රජවිය. ක්‍රිස්‌තියානි භක්‌තිය අතහැරිය ඔහු නැවතත් බුදු දහම වැළඳ ගත්තේය.

විමලධර්මසූරිය රජු පරදවා දෝන කැතරිනා රාජ්‍යයත්වයේ පිහිටුවීමට පෘතුගීසිහු අති විශාල හමුදාවන් සමග කුසුමාසන දේවිය උඩරටට එවුවෝය. ගන්නොරුවේ කළ සටනකින් පෘතුගීසි සේනා සමූල ඝාතනය කර විමලධර්මසුරිය රජතුමා කුසුමාසන දේවිය රජමාලිගයට කැඳවාගෙන ගොස් විවාහ කරගන රාජ්‍යත්වයටද නිල අයිතියක් ලබා ගති.

කන්ද උඩරට දෙවැනි රජු වශයෙන් රජ පැමිණි විමලධර්මසූරිය රජතුමා දොළොස්‌ වසරක්‌ රාජ්‍ය විචාළේය. සීතාවක රාජසිංහයන්ට අසු නොවන ලෙස දෙල්ගමු විහාරයේ කුරහන් ගලක සඟවා තිබූ දන්ථ ධාතුව ගෙන්වාගන දළදා මාලිගය ඉදිකිරීම එතුමාගේ කාලයේ සිදුවිය. නැවත වාර්ෂික දළදා පෙරහැර පටන් ගැනීමද මේ කාළයේ සිදුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017