1521 දී ආරම්භවී රයිගම් බණ්‌ඩාරගේ මරණින් පසු පුළුල් ප්‍රදේශයක පැතිර ගිය සීතාවක රාජ්‍යයේ පාලකයා වු මායාදුන්නේ කුමරු වෙත පැවරුණු ප්‍රධානතම වගකීම වූයේ පෘතුගීසින් ලංකාවෙන් නෙරපා දැමීමයි.
මෙම කාර්යය සඳහා මායාදුන්නේට ඔහුගේ පුත්‍රයා වු ටිකිරි බණ්‌ඩාර කුමරුන්ගෙන් ලැබුණු සහයෝගය අති විශාලය. රණශූරයෙකු වු හෙතෙම 1562 තී පෘතුගීසි සෙන්පති අපොන්සු පෙරෙයිරා ද ලසර්දාගේ හමුදාව සමඟ මුල්ලේරියාවේඳී කළ මහ සටනින් පෘතුගීසීහු අන්ත පරාජයකට පත්වූහ. මෙම පරාජය පෘතුගීසීන් පෙරදිග රටකදී ලත් දරුණුතම පරාජය ලෙසද දැක්‌වේ. පෘතුගීසිහු කෝට්‌ටේ අගනුවර අගහැර දොන් ජුවන් පෙරිය බණ්‌ඩාර ද රැගෙන කොළඹ කොටුවට ගියහ.

