විජයබා කොල්ලය නිසා කෝට්ටේ බෙදීයාම 1521
 

1521 දී හත්වැනි විජයබාහු රජුගේ පුතුන් තිදෙනා වු බුවනෙකබාහු, මද්දැම බණ්‌ඩාර හා මායාදැන්නේ යන කුමාරවරුන් රජගෙදර ඇති කළ කැරැල්ලක්‌ නිසා විජයබාහු රජු මරණයට පත්විය. මෙම සිදුවීම "විජයබා කොල්ලය" ලෙස
රාජාවලියේ හඳුන්වා ඇත. ඩබ්. ඒ. සිල්වා ශූරීන් විසින් එම කුමණ්ත්‍රනය ගැන "විජයබා කොල්ලය" නමින් අගනා පොතක් ලියා ඇත.

මෙම කැරැල්ලට හේතුවුයේ විජයබාහු රජු විසින් රජකමට උරුමකම් ඇති අගබිසවගේ ඉහත කී පුතුන් තිදෙනාට රජකම නොදී කීරවැල්ලේ නමැති වෙනත් බිසවකගේ පුතෙකුට රජකම දීමට කටයුතු යෙදීමයි. රටවැසියන්ගේ සහායද ලබාගත් රජකමට උරුමකම් ඇති මෙම කුමාරයන් තිදෙනා රජ වාසල කොල්ලකා කුලී හේවායෙකු ලවා රජු මැරවූ බව මූලාශ්‍ර වල සඳහන්ය. අනතුරුව කෝට්ටේ රාජ්‍යය කෝට්‌ටේ රාජ්‍යය කොටස්‌ තුනකට බෙදී ගියේ ය.

1-කෝට්‌ටේ නගරය ප්‍රධාන කර ගත් රජ මාලිගය සහිත ප්‍රධාන කොටස බුවනෙකබාහුට හිමිවිය. ඔහු 7 වන වන බුවනෙකබාහු නමින් එහි රජවිය.

2-රයිගම, පස්‌දුන් කෝරලය ඇතුළත් ප්‍රදේශය මද්දැම බණ්‌ඩාරට හිමි විය. රයිගම පාලකයා වු නිසා ඔහු රයිගම් බණ්‌ඩාර ලෙස හැඳින්විණි.

3-මායාදුන්නේ කුමාරයා සීතාවක (අද අවිස්සාවේල්ල ආශ්‍රිත) ප්‍රදේශය අයිති විය.

මේ අරගලය නිසා පෘතුගීසින්ට ලංකාවේ දේශපාලන කටයුතු වලට මැදිහත් වීමට අවස්‌ථාව ලැබුණි. ඊට හේතුව වූයේ මායාදැන්නේ කාර්යශූර පුද්ගලයෙකි. විජයබා කොල්ලය සැලසුම් කිරමේදී මූලිකත්වය ගෙන කටයුතු කල තම බාල සහෝදරයා මායාදුන්නේ තමාට තර්ජනයක්‌ යයි සිතූ බුවනෙකබාහු රජු පෘතුගීසීන්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කළේය.

පෘතුගීසීන්ගේ පෙළඹවීම මත කෝට්‌ටේ රාජ්‍යයෙන් මුස්‌ලිම් ජාතිකයන් නෙරපා දැමීමට බුවනෙකබාහු රජු කටයුතු කළේය. ඊට තදින්ම විරෝධය පෑ මායාදැන්නේ දකුණු ඉන්දියාවේ කැලිකට්‌හි මුස්‌ලිම් පාලකයා වු සැමොරන්ගේ උපකාර ලබාගෙන බුවනෙකබාහු රජු සමඟ සටනට එළඹියේය. 1537 තී සිදුවු මේ ගැටුමින් මායාදැන්නේ පරාජය වු අතර කැලිකට්‌ සිට පැමිණි මුස්‌ලිම් සෙන්පතියන් කීපදෙනෙකු පෘතුගීසීන්ට පාවා දීමටද ඔහුට සිදුවිය. මෙම සිද්ධියෙන් පසුව සැමොරින්ගේ උපකාර මයාදුන්නේට තවදුරටත් නොලැබුණි.

1538 දී රයිගම් බණ්‌ඩාරගේ මරණය සිදුවිය. මායාදුන්නේ විසින් රයිගමද තමාගේ පාලනය යටතට ගනු ලැබීම බුවනෙකබාහු රජුගේ නොසතුටට හේතු විය.

(c) Shilpa Sayura Foundation 2006-2017