1 වන රාජසිංහ සීතාවක රජවීම 1580
 

1580 දී ටිකිරි කුමරු රාජසිංහ යන නමින් සීතාවක රජවිය. ඔහු තම පියා මරා රජකම ගත් බව වංශකතාවේ සඳහන් ව ඇතත් නූතන ඉතිහාසඥයෝ එය පිළිගැනීමට මැලිවෙති. පෘතුගීසීන් මෙරටින් පලවා හැරම සඳහා 1587 දී විශාල යුද්ධ සේනාවක්‌ මෙහෙයවා කොළඹ කොටුවට පහරදීම ආරම්භ කළේය. මාස කීපයක්‌ පැවැති මෙම සටනින් පෘතුගීසීහු දැඩි අපහසුතාවයකට පත්වූහ. කොළඹ කොටුව තුළ ආහාර හිඟය දැඩිවිය.


පෘතුගීසීන්ට බළල් මස්‌ පවා ආහාරයට ගැනීමට සිදු වු බව පැවසේ. අවසානයේ ගෝවෙන් ආධාර සේනාවක්‌ පැමිණීම හා මාතර සමරකෝන් මුදලි යටතේ දේශීය සේනාංකයක්‌ හෙවත් ලස්‌කිරිඤ්ඤ හමුදාවක්‌ පෘතුගීසීන්ගේ ආධාරයට පැමිණීමත් නිසා රාජසිංහ රජුගේ උත්සාහය ව්‍යවර්ථ විය. රාජසිංහ රජු යටතේ සීතාවක රාජධානිය විශාල ප්‍රදේශයක පැතිරි ගියේ ය.

කෝට්‌ටේ රාජ්‍යයෙන් විශාල කොටසක්‌ හා මහනුවර රාජධානියද සීතාවකට ඈඳා ගැනීමට ඔහුට හැකි විය. 







 

 

 

 සීතාවක රජමාලිගය පිහිටා තිබූ කඳු ගැටය

පසුව අරිට්‌ට කීවෙණ්‌ඩු පෙරුමාල් නමැති වඩුග ජාතිකයා රජුගේ ප්‍රධාන උපදේශකයා වීය. සීතාවක රාජසිංහ හෙවත් පළමුවැනි රාජසිංහ රජු තම ජීවිතයේ අවසාන කාලයේ ශිව ආගම වැළඳගෙන හින්දු භක්‌තිකයෙක්‌ විය. ඔහු බුද්ධගම පෙලීමට රජු යොමුකළ බව සඳහන්ය. සංඝයා වහන්සේලා මැරවීම, බෞද්ධ පොත්පත් විනාශ කිරීම හා විරුද්ධවාදීන් මැරවීම ආඳී කෲර ක්‍රියා නිසා රජුට විරුද්ධව රට තුළ කැරලි කීපයක්‌ම ඇතිවිය. සත් කෝරළයේ සේතුපාල බණ්‌ඩාරගේ කැරැල්ල ඒ අතර ඉතා ප්‍රබල විය. රාජසිංහ රජු මේ කැරලි මැඩ පවත්වා උඩරට 1 වන විමලධර්මසූරිය රජු සමඟ සටනට ගියේ ය. බලනේදී  රාජසිංහ රජුගේ සේනා සමග කළ සටනින් උඩරට හමුදාව ජය ගති.

පැරදී ආපසු එන අතර පෙතන්ගොඩ උයනේදී උණ කටුවක්‌ පයේ ඇනීම නිසා 1 වන රාජසිංහ රජු රෝගාතුර ව අවාසනාවන්ත ලෙස මරණයට පත්විය. ඒ සමඟම සීතාවක රාජ්‍යයට අත්ව තිබූ විශාල ප්‍රදේශය පෘතුගීසීන් විසින් අල්ලා ගන්නා ලදි.

රාජසිංහ රජුට ඇණුන පෙතන්ගොඩ උයනේ විස උණ කටු


(c) Shilpa Sayura Foundation 2006-2017