ශ්‍රී ලංකාවේ බහුලව අදහන ආගම වන්නේ " බුද්ධාගමයි ". බෞද්ධ ආගම ආශ්‍රිතව පවත්වන ලබන ප්‍රධාන උත්සවය වන්නේ " වෙසක් උත්සවයයි ". වෙසක් උත්සවය පවත්වනු ලබන්නේ බුදු රජානන් වහංසේ ගේ " තෙමගුල " සිහිකිරීම සඳහාය. තෙමගුල යනු බුදුන් වහංසේගේ ඉපදීම, බුදුවීම හා පිරිණිවන් පෑම යන අවස්තාවන් ය. මේ හැම අවස්තාවක් ම සිදුවූයේ මැයි මාසයේ (වෙසක් ) මාසයේ පුරපසලොස්වක පොහෝ දිනයකදීය.
වෙසක් උත්සවය සැමරීම සඳහා පුද පුජා ආදියට අමතරව පිංකම්, පෙරහැර, භක්තිගීත ප්‍රසංග හා වෙසක් කූඩූ සැරසිලි, තොරණ්, විරිදු ගායනා, නාට්‍ය ආදිය දැකිය හැකිවේ. වෙසක් දින පංසල් ආශ්‍රිතව පංචතූර්ය වාදනය කරමින් ශබ්ද පුජා පවත්වයි. විවිධ නැටුම් ගැයුම් වර්ග ඇතුලත් වෙසක් පෙරහැරද පවත්වයි. බෞද්ධ ගීත ඇතුලත් භක්ති ගීත සන්දර්ශන පවත්වනු ලබයි. වෙසක් තොරණ් ආශ්රිත විරිදු ගායනා , සල්පිල් ආදිය පවත්වනු ලබයි. වෙසක් නාට්‍ය සන්දර්ශන පවත්වයි. මෙම නාට්‍ය බොහෝ දුරට බෞද්ධ ජාතක කතා වස්තූන් පිළිබිඹු කරන නාට්‍යයන් ය.
ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ වැදගත්ම උත්සවය වන්නේ මේ වෙසක් උත්සවයයි. වෙසක් දින රාත්‍රිය මහත් විචිත්‍රවත් හා අලංකාරවත් වේ. දේශීය සංස්කෘතික අංග ඇතුලත් උත්සවයකි.